Saturday, December 9, 2023
spot_img

Latest Posts

කර්මාන්ත ගොඩගන්න ණය ගන්න එක හොදයි.වැට් බද්ද තමයි ප්‍රශ්නේ!

කොළඹ LNW:වැට් බදු ඉහළ දැමීමත් සමඟ සියලු භාණ්ඩ වල මිල ඉහළ යන නිසා සෙසු රටවල් සමඟ තරඟ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වෙන බව 2024 අයවැය යෝජනාවලිය ගැන අදහස් දක්වමින් ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය අවධාරණය කරයි.

එහි නියෝජ්‍ය සභාපති ප්‍රදීප් කහවලගේ මහතා පවසන්නේ ඉදිකිරීම් කර්මාන්තය සම්බන්ධයෙන් තවදුරටත් පවතින්නේ මන්දගාමී ප්‍රතිපත්තියක් බවයි.

පසුගිය වසරේ සහ මෙම වසරේ ස්ථාවර ආර්ථිකය දුටුවද ඇතැම් කාරණා කර්මාන්තවලට අහිතකර ලෙස බලපෑ තිබෙන බවද ඔහු කියාසිටියි.

”අපි බලාපොරොත්තු වුණා පේ ටැක්ස් එක අඩුකරයි කියලා. අපි කරන්න ඕන බුද්ධිමතුන් රැකගන්න එක. ඉදිකිරීම් ක්ෂේත්‍රය තවම තියෙන්නේ මන්දගාමී තැනක. කර්මාන්ත ගොඩනගන්න ණය ගන්න එක හොද දෙයක්. රට ස්ථාවර වෙනවා කියන්නේ කර්මාන්ත ගොඩනැගෙනවා කියන එක. රජය මේ අයවැයෙන් හොද දේවල් කරලා තියෙනවා. මීට පස්සේවත් කරන කොට රටේ ආයෝජන  රැකගන්න ඕන.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියාසිටියි.

ASK

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.