ජාත්‍යන්තර වරෙන්තු වැටුණු සිරියානු ජනාධිපති බෂාර්!

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ රජය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්, ඔහුගේ සොහොයුරා සහ සිරියානු රජයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, ජාත්‍යන්තර ප්‍රජාව විසින් තහනම් කරනු ලැබූ රසායනික අවි යොදාගෙන සිරියානු සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කර, මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කළේ යැයි චෝදනා නගමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අසාද්ට අමතරව වරෙන්තු නිකුත් කර ඇත්තේ, අසාද්ගේ සොහොයුරා මහීර් සහ සිරියානු රජයේ හමුදා ජනරාල්වරුන් වන ඝෂාන් අබ්බාස් සහ බසාම් අප් හසාන් යන දෙදෙනාට බවත් සඳහන් වේ.

සිරියාවේ සිවිල් යුද ගැටුම් ඇවිලෙද්දී, ජනාධිපති අසාද්ගේ උපදෙස් පරිදි, සිරියානු රජයේ හමුදාව, රසායනික අවි භාවිතයට ගනිමින් සිවිල් වැසියන්ට පහර දුන්නේ 2013 යැයි සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙන අතර, එම රසායනික අවි ප්‍රහාරයෙන් සිරියාවේ ඩොරාම් නැමිති නගරයේ සිවිල් වැසියන් දහසක් ජීවිතක්ෂයට පත්වුණු බව සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පෙන්වා දී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...