ජෙනින් සරණාගත කඳවුර ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් වටලයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජෙනින් සරණාගත කඳවුර පලස්තීනයේ බටහිර ඉවුරේ පිහිටා ඇති අතර, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් එය වටලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් තිදෙනෙකු මිය ගිය බව පලස්තීන වෛද්‍ය ආරංචි මාර්ග පවසයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ඔක්තෝබර් 7 වනදා ගැටුම ආරම්භ වූ දා සිට, බටහිර ඉවුරේ පලස්තීනුවන් දෙසියයකට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි.

සති හයකට පමණ පෙර යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය ගාසා තීරයට ඉන්ධන ඇතුළු කිරීම තහනම් කිරීම පිළිබඳව මානුෂීය සේවකයන් නිරන්තරයෙන් පැමිණිලි කරන බවද පැවසේ.

ඉන්ධන හිඟය නිසා අන්තර්ජාල සහ දුරකථන සේවා ද කපා හැර තිබෙන අතර ඒ හේතුවෙන් ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ විශාලතම නියෝජිතායතනය පවසන්නේ ආධාර ගෙන ඒමට සහ බෙදා හැරීමට තවදුරටත් නොහැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අඬන පිරිමි” භීතිකාව කුඩුපට්ටම්කළ ඩෆර් බ්‍රදර්ස් ඔබට තුති! 

“අඬන පිරිමි” භීතිකාව කුඩුපට්ටම්කළ ඩෆර් බ්‍රදර්ස් ඔබට තුති! 

ටෙස්ලා පහලට ඇද දමමින් BYD විදුලි වාහන නිෂ්පාදනයේ හිනි පෙත්තටම!

සටහන – පුලී ජනවාරි 03, කොළඹ (LNW): ලොව වැඩියෙන්ම අලෙවි...

මෙට්ටවලින් බැහැල පොළව අල්ලන්න කාලය ඇවිත්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් ලක්ෂ...

රාජ්‍ය නායකයන් අල්ලා රටින් පිටුවහල් කිරීමේ ඇමරිකාවේ අඳුරු ඉතිහාසයෙන් බිඳක්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 03: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: අද(03)දිනයේදී...