රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ (LNW):
පසුගිය දා කතාබහට ලක්වුණු හිටපු මන්ත්‍රි සුජීව සේනසිංහ මහතාට අයත් බව කියන නීත්‍යානුකූල නොවන මෝටර් රථය සම්බන්ධ රස පරික්ෂක වාර්තාව මෙතෙක් ලැබී නැති බව අධිකරණය හමුවේ ප්‍රකාශ වී ඇති අතර, මේ අනුව රජයේ රස පරික්ෂකවරයා වෙත සිහි කැඳවීමේ ලිපියක් නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බව පැවසේ.
සුජීව සේනසිංහ මහතාගේ නීතිඥවරයා විසින්, අධිකරණ භාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබෙන මෙම ප්‍රශ්නගත වාහනය මුදාහරින ලෙස ඉල්ලා සිට ඇති අතර, කෙසේ වෙතත් රස පරීක්ෂක වාර්තාව ලැබී නැති බැවින් මෙම නඩුව ලබන 25 වනදා යළි කැඳවීමට නියෝග කෙරුණ බව සඳහන් වේ.