කැත්තට පොල්ල : රවීත් ගේමට බහී. මැ.කො. ට ලිපියක් !

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (නොවැම්බර් 18) පෙරවරුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (ගෑස් සිලින්ඩරය) ලේකම්වරිය වන ශ්‍යාමිලා පෙරේරා මහත්මියව කැඳවා එම පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සඳහා තමන්ට අවශ්‍ය නම් දෙකක් මැතිවරණ කොමිසම වෙත යැවීමට උත්සාහ දරා ඇති බව වාර්තා වේ.

එහිදී ශ්‍යාමිලා පෙරේරා මහත්මිය එය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

මෙය එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක රවී කරුණානායක මහතාට ආරංචි වී ඇති අතර ඔහු වහාම ගොස් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය හමුවී එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා තමන්ගේ නම මැතිවරණ කොමිසම වෙත යවන ලෙස දැනුම් දී ඇති අතර ඒ අනුව රවී කරුණානායක මහතාව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා පත් කරන්නැයි පක්ෂ ලේකම්වරිය ලෙස ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී තිබේ.

අනෙක් මන්ත්‍රී ධුරයට පත් කරන්නේ කවුරුන්ද යන්න ඉදිරි දින කිහිපය තුළ මැතිවරණ කොමිසමට දැනුම් දෙන බවත් ඇය සිය ලිපියෙන් සඳහන් කර ඇත.

ඒ අනුව මැතිවරණ කොමිසම විසින් එම නීත්‍යානුකූල ලිපිය භාරගෙන ඇති අතර රවී කරුණානායක මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ගැසට් කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉතාම කේන්තියෙන් පසුවන බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...