තුන් කොන් විස්සයි විස්සේදී දසුන්ට නායකත්වය – පවන් සංචිතයට

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW:

සෞඛ්‍යමය ගැටළු මත චරිත් අසලංක සහ අසිත ප්‍රනාන්දු පකිස්තානයේ පැවත්වෙන තුන්කොන් තරගාවලියෙන් ඉවත්ව ශ්‍රී ලංකාවට පැමිණෙද්දී,අසලංකගෙන් හිස්වන නායකත්වයේ වගකිම විස්සයි විස්ස සංචිතයට එක්වීම සඳහා පකිස්තානය බලා ගිය දසුන් ශානකට පවරා තිබෙනවා.එසේම පකිස්තානය සමඟ පැවති අවසාන එක්දින තරගයට ක්‍රීඩා කරත්,පවන් රත්නායකට ඉහළ දක්ෂතා දැක්වීමට නොහැකි වූයේ ඔහුව පිතිකරණයට යොදා ගැනීමේ දී පහතින් එවීම නිසා යන චෝදනාව එල්ල වෙමින් තිබියදී ඔහුව විස්සයි විස්ස සංචිතයට ද කැඳවා තිබෙනවා.


ඒ නිසා පවන් රත්නායක ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබෙන අතර නායකත්වය දසුන් ශානකට හිමිව තිබීමත් සමඟ පකිස්තානය සහ සිම්බාබ්වේ සහ පකිස්තානය පරාජය කිරීමේ වගකීම ශ්‍රී ලංකාව මත පැට වී තිබෙනවා.


විස්සයි විස්ස තරග ආකෘතිය තුළ මෑතක සිට එක්දින තරගවලදී මෙන්ම ශ්‍රී ලංකාව පන්දු යවන්නන් පස් දෙනෙකු යෙදවීම වෙනුවට අතිරේක පන්දු යවන්නන්ගෙන් වේල පිරිමසා ගැනීමේ උත්සාහයක් ගන්නා බව දකින්නට තිබෙනවා.එය දිගින් දිගටම අසාර්ථක වන තත්ත්වයකදී මේ තරගාවලිය තුළ දී විස්සයි විස්ස ආකෘතිය තුළ ලෝක අවධානය දිනා ගත්තද තවමත් ජාතික කණ්ඩායමේ විස්සයි විස්ස කණ්ඩායමේ ස්ථානයක් නොමැති ඒෂාන් මාලිංග වැනි ක්‍රීඩකයෙක් අත් හදා බලන්නට ශ්‍රී ලංකාවේ අවධානය යොමු විය යුතුව තිබෙනවා.
ගෙවුණු කාලය තුළ විස්සයි විස්ස ආකෘතිය තුළ විශ්වසනිය ආරම්භයක් සටහන් කළ කුසල් මෙණ්ඩිස් සහ පැතුම් නිශ්ශංකගෙන් පසුව වේගවත්ව ලකුණු ලබා ගැනීම පවත්වා ගෙන යාම සඳහාද දායකත්වයක් ලැබිය යුතුව තිබෙනවා.පකිස්තාන තණතිරු තුළ ඒ කාර්යය හොඳින් ඉටු කළ කුසල් ජනිත් ගැන මේ මොහොතේ එහි විශාල වගකීමක් පැවරෙනවා.


සනත් ඒමට පෙර අවස්ථා ගණනාවකදී වනිඳු හසරංග පිතිකරණ නාමාවලියේ ඉදිරියට ගෙන විත් සාර්ථක අවස්ථා කිහිපයක්ම ලබා ගන්නට හැකි වුණත්,මේ වන විට එවැනි අදහසක් කණ්ඩායම තුළ දකින්නට නැහැ.මේ තරගාවලියේ තීරණය කුමක් වුවත් වේගයෙන් පන්දුවට පහර දීමේ පුහුණුකරු සමඟ නව පිතිකරු බල ඇණියක් විස්සයි විස්ස සඳහා සකස් කර ගැනීම ගැන අවධානය යොමු කරන්නට ශ්‍රී ලංකාවට සිඳුවන බව පැහැදිළියි.


ප්‍රවේගකාරීත්වය අනන්‍යතාවය කර ගත් පිතිකරුවන් විස්සයි විස්ස ආකෘතිය තුළ කණ්ඩායමකට වැදගත් වෙනවා.වෙනත් කණ්ඩායම්වලට කුමන මට්ටමේ පන්දු යවන්නෙකු සිටිය ද,ඔහුව පෙරළා දැමිය හැකි මට්ටමෙන් පහර එල්ල කරන විස්සයි විස්ස විශේෂඥයන් සිටිනවා.ඒ නිසා ශ්‍රී ලංකාව දැඬිව වේගයෙන් පන්දුවට පහර දෙන්නන් කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබෙනවා.එවැනි පිතිකරුවෙකුට කණ්ඩායමක් වෙනුවෙන් කළ හැකි දේ ගැන සනත් ජයසූරියට තමන්ම උදාහරණයට ගැන සිතුවොත්,තමන්ටත් වඩා හොඳ යැයි කිව හැකි අය සොයා ගැනීමට අවංකව කටයුතු කළ හැකි වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරක කර්මාන්තය සුවිශේෂී සන්ධිස්ථානයකට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාව ඊයේ...

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...

නැගෙනහිර යුක්රේනයට රුසියානු මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර යුක්රේන නගරයක්...