රාජාංගනේ සද්ධාරතන හිමි රිමාන්ඩ්

අනුරාධපුර පොලීසිය මගින් අත් අඩංගුවට ගත් රාජාංගනේ සද්ධාරතන හිමි ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද (18) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

රුවන්වැලිසෑය අසල දන්සැල් භූමියේ බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් විසින් පවත්වාගෙන ගිය මාරාන්තික උපවාසය අතරතුර, ඉකුත් 12 වැනිදා පිරිසක් සමග එම ස්ථානයට පැමිණ ගැටුමක් ඇති කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සද්ධාරතන හිමි ඇතුළු සිව්දෙනෙකු අද අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ ශ්‍රාවස්තිපුර අලුත්වැව, දෙව්රම්වෙහෙර විහාරස්ථානයේදී ය.

මෙම සිද්ධියට අදාළව සද්ධාරතන හිමි ඇතුළු අනෙකුත් සැකකරුවන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි, අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (17) නියෝගයක් නිකුත් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුරට රාජතාන්ත්‍රික ඇරයුමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී...

රාජ්‍ය ආයතන එකාබද්ධ කිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: වත්මන් රජයේ ප්‍රථම රාජ්‍ය...

නාමල්ට ලැබුණු ඇපය වළක්වමින් අතුරු තහනම් නියෝගයක් !

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන...