අටෙන් පසුව ශ්‍රී ලංකාව හැලෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): බහරේන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් කරගාවලියේ ඊයේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් වූ දවසක් විය.අර්ධ අවසන් පූර්ව වටය හෙවත් අවසන් අට දෙනාගේ වටයේ තරග තුනකට ශ්‍රී ලංකා සහභාගීත්ව තිබිණ.ඒ රනිත්මා ලියනගේ කාන්තා අංශයෙන් ද,බුවනෙක් ගුණතිලක පිරිමි අංශයෙන් සහ ඔහු,විරේන් නෙත්තසිංහ සමඟ පිරිමි යුගල අංශයෙන් එම සහභාගීත්වය සටහන් කළේය.

රනිත්මා චීන ක්‍රීඩිකාවක වන චෙන් ලූ සමඟ තරග වැදුණාය.ප්‍රතිපලය වූයේ 21 – 08 සහ 21 – 15 ක් ලෙස චීන ත්‍රීඩිකාවට ජය හිමිවීමය.බවනෙක් ගුණතිලක කේවල පිරිමි තරගයේදි තරග වැදුණේ මන්රාජ් සිං සමඟය.බුවනෙක මුල් වටය 21 ච 19 ක් ලෙස ජය ගැනීමට සමත් විය.දෙවන වටයේදී ඉන්දිය ක්‍රීඩක මන්රාජ් 21 -09 ත් ලෙස තරගයට අවතීර්ණ වුවත්,යළිත් තෙවන වටයේදී බුවනෙක දැඩි තරගයක් ලබා දෙමින් ඉන්දිය ක්‍රිඩකයාගෙන් තරගය උඳුරා ගැනීමට උත්සාහ කළද අවසානයේ බුවනෙකට 19 – 21 ක පරාජයකින් පසු බසින්නට සිඳු විය.

බුවනෙකට සහ විරෙන්ට පිරිමි යුගල අංශයේදි හමු වූයේ චුයි හී චෙන් සහ සන් වෙන් ජුන් ය.මෙම චීන ක්‍රීඩකයින් දෙදෙනා ඉදිරියේ බුවනෙකට සහ විරෙන්ට අත් වූයේ වට 2-0 ක පරාජයක්ය.ලකුණු සටහන දැක් වුණේ 21 – 11 ක් සහ 21 – 12 ලෙසය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...