ගොවීන්ට සුබ පණිවුඩයක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබාදීමේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389ක් ගොවීන් අතර බෙදා දීමට රක්ෂණ මණ්ඩලය කටයුතු කර ඇත.

එම වැඩපිළිවෙළ යටතේ ගොවීන් 250 දෙනෙකුට වන්දි පිරිනැමීම හෙට (19) මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

පසුගිය යල කන්නයේ අක්කර 65,000ක් නියඟයෙන් හානියට පත්වූ අතර ඉන්පසු ඇතිවූ අධික වර්ෂාව නිසා අස්වැන්න නෙළීමට ආසන්නව තිබූ කුඹුරු අක්කර 11,000ක් විනාශයට පත්වූ බවට හානි තක්සේරු කර ඇති අතර, එනිසා වගා හානි කඩිනමින් මෙම වසර අවසාන වීමට ප්‍රථම ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී ඇති බව සඳහන්.

තව දුරටත් අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ, සාමාන්‍යයෙන් වගා කන්නයක දී සිදුවන වගා හානි සඳහා වන්දි ගෙවීමට වසරක කාලයක් ගත වූවත් මෙවර නියඟය නිසා සිදු වූ වගා හානි සුවිශේෂී අවස්ථාවක් සේ සලකා ලබා දිය යුතු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව නැංවීමට රු. මි. 120ක නවීන ලැපරොස්කොපි යන්ත්‍ර පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙරට නිදහස් සෞඛ්‍ය...

ශිරන්ති අක්ෂි රෝහල වෙත!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...

අල්ලස් ගත් වන ක්ෂේත්‍ර සහකාර අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : අල්ලස් ලබා ගැනීමේ...

තිලිණ ගමගේ විනිසුරු ධුරයෙන් ඉවත් කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : එල්ලවී තිබූ සියලු...