දියර කිරි වෙනුවෙන් නව වැඩ පිළිවෙලක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අනුරාධපුර නුවරගම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියර කිරි එකතු කරන්නන්ගේ ප්‍රාදේශීය සංගමයක් පිහිටුවා ඇති බව සඳහන් වේ. ඒ ගෝලීය ව්‍යවසාය සතියට සමගාමීව බවයි වාර්තා වන්නේ.

නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම්වරයාගේ පූර්ණ මගපෙන්වීම අනුව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය හා සහකාර සැලසුම් අධ්‍යක්ෂකතුමාගේ අධීක්ෂණය යටතේ ග්‍රාමීය මට්ටමින් දියර කිරි එකතු කරන්නන්ගේ සංගමය පිහිටුවීම පසුගියදා සිදුකර ඇති බව සඳහන් වේ.

එම දියර කිරි ගොවීන් ප්‍රාදේශීය සංසදයේ කටයුතු සඳහා සම්බන්ධ කරගැනීමේ ප්‍රථම අවස්ථාව වශයෙන් මෙම සංගමය පිහිටුවා ඇති අතර, දියර කිරි ගොවීන් සඳහා නව තාක්ෂණ භාවිතය, මූල්‍ය කළමණාකරණය, මානව සම්පත් සංවර්ධනය, අගය එකතු කිරීමේ ව්‍යාපෘති යන වැඩසටහන් සැලසුම් කර ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට යෝජිත බවයි සඳහන් වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සභා 200ක් මාලිමාව අතේ!

කොළඹ LNW:පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව මේ වන...

බෝට්ටු පෙරළීමෙන් ටහෝ විලෙහි අට දෙනෙක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඇමරිකාවේ විශාලතම...

වතු කම්කරු වැටුප් වැඩි වීම ගැන බලාපොරොත්තුවක්!

කොළඹ LNW:මෙම වසරේදී වතු කම්කරු දෛනික වැටුප රු.1700 දක්වා...