ගෑස් සිලින්ඩරය පුපුරයි. රනිල්ට දෙක බේරගන්න බැරුව ගැටුම දුරදිග යයි.රවීගේ නිවසටත් පොලිස් ආරක්ෂාව!

Date:

කොළඹ LNW:2024 මහ මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය ලබා දුන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් ගෑස් සිලින්ඩරය වෙත ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමිව තිබේ.

දැන් සිලින්ඩරයේ ප්‍රශ්න පිට ප්‍රශ්න ඇතිව තිබෙන්නේ මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක බෙදා ගැනීමට අපොහොසත් වීම තුළය.

එම මන්ත්‍රී ධුර දෙක සඳහා රුවන් විජේවර්ධන හා සාගල රත්නායක පත් කිරීමේ උත්සහයක් තිබී ඇති නමුත් රුවන් විජේවර්ධන ඒ පසුපස හඹා නොයාම නිසා සටනින් මේ වන විට රුවන් විජේවර්ධන ඉවතට ගොස් සිටින නමුත් තවදුරටත් සාගල රත්නායක පාර්ලිමේන්තුවට රිංගවා ගැනීමේ උත්සාහය නැවතී නොමැති බව සඳහන්.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හිමිකාරීත්වය ඇති රවී කරුණානායක බලහත්කාරයෙන් මෙන එක් මන්ත්‍රී ධූරයක් ලබාගෙන ඇති හෙයින් ඉතිරිව ඇති මන්ත්‍රී ධූරයට වික්‍රමසිංහ මහතාගේ අතිශය හිතවන්තයෙකු වන සාගල රත්නායක වෙත ලබා දීමට දැඩි උත්සහයක් ගනිමින් සිටින බව සඳහන්.

මේ අතර ඉතිරි මන්ත්‍රී ධූරයට කංචන විජේසේකර පත්කරන ලෙසද යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

ජීවන් තොණ්ඩමන් මහතා සිය නිල ට්වීටර් ගිණුමේ පණිවිඩයක් තබමින් එය යෝජනා කරමින් තොන්ඩමන් මහතා පවසන්නේ ආර්ථික අර්බුදයට රට ගොදුරුව පැවති සමයේ බලශක්ති ක්ෂේත්‍රයේ සිදු කළ යුතු ගැඹුරු ප්‍රතිසංස්කරණ සදහා කංචන විජේසේකර ලබා දුන් නිර්භීත නායකත්වය සලකා බලා තමන් මෙම යෝජනාව ඉදිරිපත් කරන බවයි.

හිටපු විදුලිබල හා බලශක්ති අමත්‍යවරයා ලෙස කංචන විජේසේකර විසින් සිදු කරන ලද ප්‍රතිසංස්කරණ රටට යහපත් වූ නමුත් ඔහුගේ දේශපාලන අනාගතයට එම ප්‍රතිසංස්කරණ යහපත් නොවූ බවයි තොණ්ඩමන් මහතා සිය යෝජනාව සාධාරණීකරණය කරමින් පවසන්නේ.

නමුත් එම පත් කිරීම සිදුවනු ඇති බවට ඉඩ කඩ ඉතාම සීමිත බවයි සිලින්ඩර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේවෙතත් දැන් සිලින්ඩරයේ මෙම මන්ත්‍රී සටන උඩු දුවා තිබෙන අතර අද උදෑසන රවී කරුණානායක මහතාගේ නිවාස ඉදිරිපිටඔහුගේ ක්‍රියාවට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණ හෙයින් එම පරිශ්‍රයට පොලිස් ආරක්ෂාව යෙදවීමටද කටයුතු කර තිබුණි.

එහෙත් එම උද්ඝෝෂණය ද පවත්වා නොමැත.

රට ගොඩගන්න තමන්ගේ පාර්ශවයේ සිටින අත්දැකීම් සහිත පිරිස පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස පසුගිය කාලය තුළ මැතිවරණ ප්‍රචාරණයේ යෙදී සිටි සිලින්ඩර නායකයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැන් තමන්ගේ අත්දැකීම් බහුල කණ්ඩායම පාලනය කර ගත නොහැකි තැනට පත්වෙමින් සිටින අතර රවී කරුණානායක මහතාගේ ක්‍රියාවත් සමඟ ඔවුනොවුන් දැන් අත්දැකීම් වලින් ගහ ගනිමින් සිටින බවද අභන්තර ආරංචි මාර්ග පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලය දකුණු ලෙබනනයේ නගර කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින්...

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) පනත ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාව දිගු...

ගිය අවුරුද්දටත් වඩා සරුසාර අයවැයක් ගේනවා. මේක ලංකා ඉතිහාසයේ හොඳම ජනතාවාදී අයවැයයි – ඇමති විද්‍යාරත්න

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඉතිහාසයේ හොඳම ජනතාවාදී අයවැය මෙවර...