පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර 07යි. තවමත් යුක්තිය නෑ …!

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ සිදුවූ බිහිසුණුම ත්‍රස්තවාදී ප්‍රහාරයක් වන පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සිදුවී අදට (21) වසර 07ක් සපිරේ.

2019 අප්‍රේල් 21 වනදා, පාස්කු ඉරිදා දිනයේදී ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ සුඛෝපභෝගී සංචාරක හෝටල් තුනක් ඉලක්ක කරගෙන මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සිදුවූ අතර දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක සහ දෙහිවල පිහිටි ලැගුම්හලක ද බෝම්බ පිපිරීම් දෙකක් සිදුවිය.

මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කර තිබුණේ “ජාතික තව්හීද් ජමාත්” නම් ඉස්ලාම් අන්තවාදී සංවිධානයක සාමාජිකයින් 8 දෙනෙකු විසිනි. ඔවුන් 8 දෙනාම ශ්‍රී ලාංකික පුරවැසියන් ය.

මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 277 දෙදෙනෙකු මියගිය අතර 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. පාස්කු ඉරිදා දිනයේදී දේව මෙහෙයන් සඳහා සහභාගී වූ බැතිමතුන් රැසක්, විදෙස් සංචාරකයින් 45ක් පමණ සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද මෙසේ මියගිය අය අතරට ඇතුළත් ය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් පිරිසකට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති අතර එම නඩු තවමත් විභාග වෙමින් පවතී. තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අලුතින් ද අත් අඩංගුවට ගෙන විමර්ශන සිදුකෙරෙන අතර ප්‍රහාරයේ මහමොළකරු කවුරුන්දැයි හෙළිකිරීමට ආරක්ෂක අංශ තවමත් අපොහොසත්ව සිටී.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මෙරට දේශපාලනය ද දැවැන්ත කැළඹීමකට ලක්වූ අතර පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීමේ පොරොන්දුව යටතේ ආණ්ඩු දෙකක් ද මාරුවිය. නමුත් තවමත් මේ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ සත්‍යය හෙළිදරව් කිරීමක් හෝ එහි වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීමක් හෝ සිදුව නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...