ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක්!

Date:

කොළඹ LNW: ධීවර ප්‍රජාව වෙත විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කර තිබේ.

2025 ලෝක ධීවර දින සැමරුම වෙනුවෙන් කොළඹ නෙළුම් කුලුණ පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍රදර්ශනය හා සමගාමීව මෙහි සමාරම්භක උත්සවය මේ මස 21 වැනි දින අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් මෙය හදුන්වා දීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතා පැවසුවේ රක්ෂණය සමඟ එක්වන ධීවර ප්‍රජාවට වයස අවුරුදු 60න් පසු එම ප්‍රතිලාභ හිමිවන බවයි.

2025 දෙසැම්බර් 21 දින සිට නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවර ප්‍රජාව වෙත හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.

විශ්‍රාම වැටුප් වයස අවුරුදු 60න් පසුව එළැඹෙන එක් එක් වයස් සීමාවලදී වැඩිවීමද මෙම ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභියාට හිමිවෙයි.

කිසියම් හේතුවක් මත දායකයාට සම්පූර්ණ දායක මුදල් ගෙවීමට නොහැකිව, ගෙවා ඇති දායක මුදල 25%ක් හා 74%ක් අතර වන අවස්ථාවලදී දායක මුදල් ගෙවීමේ කාලය අවසන් වූ විට ශුද්ධ දායක මුදල් ප්‍රමාණය මත මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පොලී මුදලක් සමග අදාළ මුදල නැවත දායකයාට ලබාගැනීමට හා විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර ස්ථිර/අර්ධ බෙලහීනතාවයකට පත්වූ විට මෙම යෝජනා ක්‍රමය මඟින් බෙලහීන ප්‍රතිලාභ ලබා ගැනීමටද මෙම යෝජනා ක්‍රමයට දායක වන ධීවරයින්ට අවස්ථාව සලසාදී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

බලය අරන් ළඟ ළඟ මෙච්චර වැඩක් දෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් …..

බලය අරන් ළඟ ළඟ මෙච්චර ගානකට අරියි කියලා හිතන්ට...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්න විමල් නුවර යයි. සජබ කතරගම පොල් ගහන්න යයි !

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ගැන ගැටලු ගැන මහානායක හිමිවරුන්...