රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW:
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාසල් මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන් අද ආරම්භ වේ.
පාසල්වල අධ්‍යාපන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා වන මෙම දැනුවත් කිරීමේ සැසි අද (19) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මෙම වැඩසටහන් හරහා, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ මූලික අවබෝධයක් සහභාගිවන්නන්ට ලබා දෙන අතර, වැඩිදුර අවබෝධය සඳහා පරිශීලනය කළ යුතු ලේඛන සහ දැනුවත් කිරීමේ ක්‍රමවේද පිළිබඳව ද හඳුන්වා දෙනු ලැබේ.
මෙම කටයුතු සඳහා අවශ්‍ය සියලුම ඉගෙනුම් ආධාරක ද්‍රව්‍ය අන්තර්ජාලය හරහා සියලුම විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.


