හෙට (නොවැම්බර් 20) පස්වරු 9.30 ට කටාරය සහ ඉක්වදෝරය අතර තරගයෙන් ලෝකයේ ජනකාන්තම ක්‍රීඩාවේ ලෝක කුසලානය කාට හිමිවේද යන්න තීරණය කරන 2022 ලෝක සූරතාවලිය ඇරඹෙනු ඇත.ආරම්භයට දින කිහිපයක් තිබියදී සංවිධායකයන් ඔවුන්ට අධික ලාභයක් ගෙන දෙමින් ලෝක කුසලානය නරඹන්නට කටාර් වෙත පැමිණෙන විදෙස් ජනතාව සිය රටේ නීතිවල ගිල්වා සිර කර තබා ඇත.ගල්රෙටක දැඩි මුස්ලිම් නිති මඟින් අනෙක් රටවල සැහැල්ලු හැසිරීම් සීමා කරන්නට සහ සිර කරන්නට කටයුතු කිරීමට කටාරයට ඉඩ දීම ගැන මේ වන විට වැඩියෙන්ම දෝෂ දර්ශනයට ලක් වන්නේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ය.එය බොහෝ විට ජියානෝ ඉන්ෆැනිටෝගේ අවසාන අවස්ථාව වීම දක්වාම ඉදිරියට තල්ලු වන්නට ඉඩ ඇත.
අඳින ඇඳුමේ සිටම සීමාවන්ට යටත් කරමින් සිය සංස්කෘතිය ලෙස හැසිරෙන්නට කටාරය බලපෑම් කරන්නේ ලෝකයට අයිති දෙයක් මෙහෙයවීමට පවරාගෙන එය තමන්ට අවශ්‍යය පරිදි හසුරුවමින්ය.එය කිසිඳු සමාජ සංවිධානයක් භාර ගනු ඇත.පාපන්දුවට ඇති ලෝක සංස්කෘතිය කටාර් සංස්කෘතියට යටත් කිරීම සහ ඊට ජත්‍යන්තර පාපන්දු සම්මේලනය ඉඩ දීම ගැන මේ මොහොතේ ඇත්තේ දැඩි විවේචනයකි.
කටාරය ලෝක කුසලාන තරගාවලිය අත ළඟට එන තෙක්ම විදේශික සංස්කෘතීන් අගය කරන බව පෙන්නමින් සිට අවසාන මොහොතේ මෙවැනි තීරණයක් ගනිමින් ක්‍රියා කිරිම ජාත්‍යන්තර සංවිධාන බලාපොරොත්තුවෙන් සිටින වෙනත් ගල්ෆ් රටවල් වෙත ද අවස්ථාව අහිමි වීමට හේතුවක් විය හැකිය.බියර් වැනි මත්පැන් වර්ගයක් පවා විකිණීමට නොහැකි සේ තරග බිම ආවරණය කර තිබෙන කටාර් නීතිය සාමාන්‍යයෙන් විදුලි ආලෝකය මැද්දේ පැවත්වෙන මෙන්ම ගල්ෆ් කළාපය සාමාන්‍යයෙන් උෂ්ණ රටක් ලෙස පිළිගැනීම ද නොසළකා,දනහිස නොපෙනෙන සහ උරහිස නොපෙනෙන ඇඳුම් අඳින්නට කරන යෝජනාව යුරෝපීය රටවලට ප්‍රේක්ෂකයන්ට දැඩි බලපෑමක් වනු ඇත.
විවිධ ලිංගික සබඳතා සම්බන්ධයෙන් මුලින්ම කරන ලද අනතුරු හැඟවීම ගැන ද කටාරයට චෝදනා එල්ල වීය.එහි නීතියට අනුව අවිවාහකයන් එකට සිටීම මෙන්ම සමලිංගිකයන් එකට සිටිම ද බරපතල වරදකි.ප්‍රසිද්ධියේ ආදරය නොදැනෙන සේ හැසිරෙන සිට කරන අවවාදයම අපුලය.මේ වන විට අවිවාහක සහ සමරිසි යුවළවල් සඳහා හෝටල් කාමර ලබා ගැනීමේ ඉඩ විවෘතයි බව පැවසුව ද,ඔවුන් කාමරයෙන් පිටතදී සුළු වරදකට වුව අත් අඩංගුවට ගැනීමට ඉඩ ඇත.
මේ සම්බන්ධයෙන් කටාර් හී විරෝධතා දැක්වීමට නොහැකිකම බරපතල ප්රශ්නයකි.රාජාණ්ඩුවක් වන එහි රජු විවේචනය කිරීම,ආගමික විරෝධයක් හැඟවෙන ප්‍රකාශ කිරීම මෙන්ම පාලනය විවේචනය ද දඬුවම් ලැබිය හැකි වරදක් වන නිසා පැමිණෙන ප්‍රේක්ෂකයාට වවුලාගේ මඟුල් ගෙදර ගියා සේ සිටින්නට සිඳුවෙනවා ඇත.එසේ නැතිව ස්වාධීන අදහස් ප්‍රකාශ කරන්නට ගියහොත් සමහර විට ක්‍රීඩා පිටිය වෙනුවට සිරබත් කන්නට ලැබෙනවා ඇත.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට මේ වන විට පාපන්දු සංස්කෘතිය ගැන කටාරයට කියා දීම වෙනුවට,කටාරයේ නීතිය සාධාරණය කරන තැනට එන්නට සිඳුව ඇත.මන්ද ලෝක කුසලාන තරග පැවත්වීමට වෙනත් මාර්ගයක් නොමැත.එසේ නොහැකිකම සනාත වන තුරු සිටි කටාරය තමන්ගේ නීති පද්ධතිය මූලධර්මවාදි ආගමික සංස්කෘතිය යටතේ ක්‍රියාවට නංවමින් එයට යටත් වන්නැයි කියන විට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ඉරණම ගලේ පැහැරූ බළලෙකුගේ තත්ත්වයට පත් විය.අද මේ සංස්කෘතික දඟගෙයි ප්‍රකාශකයන් වන්නට ලෝක පාපන්දු ප්‍රධානීන්ට සිඳු වී ඇත.
ඩොලර් මිලියන 75 ක ගිවිසුමක සිටින බඩ්වයිසර් නිල බියර් පානය සඳහා ද ඉඩක් නොලැබෙන බවක් පෙනෙන්නට ඇති අතර එය මුලදී සඳහන් කළ ආකාරයට සිඳු නොවන බවනම් පැහැදිළිය.අවස්ථාව ලැබුණ ද,එයට දැඩි නීති මෙන්ම භාවිතය සඳහා සීමාවන් ද පැනවෙනු ඇත.එවැනි තත්ත්වයක් අද්ගත වුවහොත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ගිවිසුම් කඩ කිරීමේ දැඩි වරදකට හසු විය හැකි අතර කටාරය පොහොසත් කිරීමෙන් එහි කිසිවෙක් හෝ පෞද්ගලිකව වාසියක් ලබනවානම් විනා මෙය පාපන්දුවේ උද්යෝගය,ආකර්ශණය පමණක් නොව අනන්‍යතාවය ද විනාශ කිරීමක් බව පාපන්දු රසිකයන්ගේ අදහසය.
නමුත් මේ සීමාවන් රැකෙනු ඇති ද නැද්ද යන්න සහ කටාරයේ මානව අයිතීන් සම්බන්ධ නීතියේ හැසිරීම ආදිය යන කරුණු දෙස හෙට සිට ලෝක නායකයින් බලා සිටිනවා ඇත.කෑමට බීමට ඇඳීමට වැනි මිනිසුන්ගේ මූලික කැමත්තට නීති දමන රටක් හැටියට කටාරය හැසිරෙන ආකාරය ලෝක බලවතුන්ගේ කැමැත්තනම් නොවනු ඇත.ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාවේ මහා මංගල්ලයට මොන බාධක දැම්මත් එයින් උමතුව සිටින ආදරණිය පාපන්දු ලෝලින් හෙට සිට කටාර් හී ඇති සීමාවන් සමඟ ගැටෙමින් පාපන්දුව රස බලනු සැක නැත.
එසේම ලෝකයේ ද සෑම රටකම පාහේ නගර වීදී පුරා එම රටවල් ක්‍රීඩා කළ ද,නොකළ ද පාපන්දු ලෝලීන්ගෙන් පිරෙනු ඇත.ඒ උන්මාදයේ හැටිය.ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හී අගම තැනෙක සිටියද එහි වරද පාපන්දු ලෝලීන්ගේ නොවේය.ඔවුන් ද හෙට සිට රූපවාහිනි තිරය ඉදිරිපිට තරඟෙට නිදි මරනු ඇත.පාපන්දුව රස විඳිනු ඇත.අගට වැටීමට හේතු වූ පරිපාලනමය චරිත ඒ වන විට සිය නිල බලයෙන් මෙන්ම පාපන්දුව නඟා සිටුවන්නට තියෙන මුදලෙන්ද කොටසක් වැය කර කටාර් ක්‍රීඩාංගණ ඇතුළත පාපන්දුව පියවි ඇසින් විඳ ගනු ඇත.
අපි නිවෙස්වල,කඩපිල්වල,මඟ නැවතුම්වල පාපන්දුව සොයා ඇස් දුවවන මිනිසුන් වෙනුවෙන් පාපන්දු තරග පැවත්වෙන කාල සටහන මෙසේ සළකුණු කර තබමු.පළමු වටයේ තරග කාල සටහන මේ සමඟ දක්වා ඇති අතර එය පියෙන් පිය පෙරට ගොස් දෙසැම්බර් 18 වන දාට 2022 පාපන්දු ලෝක සූරයන් බිහි කරන තාක් ලොවම පාපන්දුවෙන් රසවත් වෙනු ඇත.උණුසුම් වනු ඇත.








RM