*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

අප්පච්චිට ගෙදර එන්න මස්ක් ඡන්දයක් ඉල්ලයි!

ප්‍රජාතන්ත්‍රවාදයේ ඊලෝන් මස්ක් වර්ෂන් එක මෙසේ දිගහැරෙයි..

කැපිටල් හිල් කෝලාහලයට අනුබල දීම මත ස්ථිර තහනමට ලක්වූ හිටපු එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ට්විටර් ගිණුම යළි යථා තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ට්විවර් සමාගමේ නව හිමිකරු ඊලෝන් මසක් නැවත වරක් දොඩමළු වී තිබේ.

භාෂණයේ නිදහස සැමට තිබිය යුතු බවත් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය වාමවාදී බවත් චෝදනා කළ මස්ක් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ගිණුම යළි යථා තත්ත්වයට පත්කරන බවට මීට ඉහත ප්‍රකාශ කළ අතර, දැන් ඔහු ඒ සඳහා මත විමසුමක් අරඹා තිබේ.

ඒ අනුව, ඊලෝන් මස්ක් ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ ඡන්ද විමසුමක් (poll) විවෘත කර ට්විටර් පරිශීලකයන්ගෙන් හිටපු ජනපතිවරයා ගේ ට්විටර් ගිණුම යළි යථා තත්ත්වයට පත්කළ යුතු ද යන්න විමසා තිබේ.

මේ සඳහා ඔහු අපූරු ලතින් වදනක් භාවිතා කර තිබීම ද විශේෂත්වයකි. එනම් Vox Populi, Vox Dei ය. එහි අදහස ජනතා හඬ යනු දෙවියන් වහන්සේ ගේ හඬ යන්නයි.

ඒ අනුව ට්විටර් සමාගම වාමවාදී වැඩි බවත්, භාෂණයේ නිදහස සැමට තිබිය යුතු බවත් පවසා මිනීමැරීමට උල්පන්දම් දුන් පුද්ගලයකුගේ ටිව්ටර් ගිණුම යළි යථා තත්ත්වයට පත්කරන බවට ට්විටර් සමාගම මිලදී ගැනීමටත් පෙර සිටම උදම් ඇනූ මස්ක් දැන් අතිශය ප්‍රජාතන්ත්‍රවාදීභාවයක් ආරූඪ කර ගනිමින් ජනතා මතය විමසීමට කටයුතු කර ඇති බවක් පෙනේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ට්විටර් ගිණුම පැවති සමයේ ඔහුට මිලියන 80 ක ට අධික අනුගාමිකයන් පිරිසක් සිටි අතර, ඔහුගේ ගිණුම සදාතනිකවම තහනම් කර දැමීමට ට්විටර් සමාගම කටයතු කරනු ලැබුවේ 2021 ජනපති ජෝ බයිඩන් ට එරෙහි කැපිටල් හිල් කෝලාහලය ඇති කිරීමට අනුබල දුන් ට්විටර් පිණිවිඩ ඔහු විසින් නිකුත්කළ බවට සිදුවූ අනාවරණය හමුවේ ය.

මීට ඉහත, ඊලෝන් මස්ක් ට්විටර් සමාගම මිලදී ගැනීම හමුවේ, එහි සේවය කළ සේවකයන් අති විශාල ප්‍රමාණයක් රැකියාව හැර දමා ගිය බවට වාර්තා පළවිනි. ඊට අමතරව එහි වියදම් කපා දැමීමට අතිවිශාල සේවකයන් ප්‍රමාණයක් රැකියාවෙන් නෙරපා දැමීමට කටයුතු කර තිබූ බව ද වාර්තා විය.

මස්ක් ගේ ට්විටර් ආගමනය දක්ෂිණාංශික මතධාරීන්ට අතිශය සුබවාදී පුවතක් වූයේ, ඔහු ට්විටර් සමාගම මිලදී ගැනීම පිළිබඳව සිය උනන්දුව ප්‍රකාශ කළ මුල් අවධියේ පටන් සිදුකළ ආන්දෝලනාත්මක වාම විරෝධී ප්‍රකාශවල සිටම ය.

මරණය උමතු ආශාවක් කරගත් ආක්‍රමණිකයකුට ජීවත්වන දේශයේ සියල්ලන් මරා දමා රජයෑමට ඇත්තේ මුඩු බිමක් ද යන කියමන සපථ කරන්නාක් මෙන්, ඊලෝන් මස්ක්ගේ ට්විටර් ආගමනයේ පටන් එම සමාගම හැර දා යන දිනෙන් දින ඉහළ යන සේවකයන් සංඛ්‍යාව හමුවේ මනුෂ්‍ය වාසයෙන් තොර ට්විටර් සමාගමක් පමණක් ඔහුට ඉතිරිවේ ද යන පැණය දිගහැරෙමින් පවතී. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය විශේෂඥයකු වන මැට් නවාරා පීඒ පුවත් සේවය වෙත පවසා තිබෙන්නේ ට්විටර් වේදිකාව මාර්ගගත ධාරාවෙන් ඉවත් වී යාමට හෙවත් ‘ඕෆ්ලයින්’ වීමට ඇති සම්භාවිතාව ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි.

ඡායාරූප: Sky News

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan