*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණයක් අච්චු ගැසූ මහ බැංකු අධිපතිවරයා පිළිබඳව කතා කළ ගම්මන්පිල!

නන්දලාල් වීරසේකර මහතා තනතුර බාර ගැනීමේ දී පැවසූයේ තමන් ගේ පූර්වගාමීන් දැවැන්ත ලෙස මුදල් අච්චු ගැසීම නිසා රටේ උද්ධමනය ඇතිවී ආර්ථික අර්බූදය තීව්‍ර වූ බවයි. එසේ පැවසූ ඒ මහතා මේ වන විට ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණයක් අච්චු ගැසූ මහ බැංකු අධිපතිවරයා බවට පත්වී ඇති උදය ගම්මන්පිල මහතා පවසයි.

තවදුරටත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඒ පිළිබඳව සංඛ්‍යාත්මකව පැහැදිලි කරමින් මෙසේ පැවසීය.

මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා මහ බැංකු අධිපති ධූරයේ සිටිය දී 2020.03.13 සිට 2021.09.14 දක්වා කාලය 551 තුළ රුපියල් බිලියන 1260 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇත. ජනතාවට තේරුම් යන ආකාරයෙන් කිවහොත් දිනකට රුපියල් බිලියන 2.18 බැගින් මුදල් අච්චු ගසා ඇති බව ගම්මන්පිල මහතා පවසයි.

ඉන් පසු පැමිණියේ නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ය. ඒ මහතා 2021 සැප්තැම්බර් මස 15 වන දා සිට 2022 අප්‍රේල් මස 5 වන දා දක්වා දින 203ක කාලය තුළ රුපියල් බිලියන 446 ක නව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇත. එනම් ඒ මහතා දිනකට රුපියල් බිලියන 2.2 බැගින් මුදල් අච්චු ගසා ඇත.

ලක්ෂ්මන් මහතාගේ වාර්තාව කබ්රාල් මහතා දශම ගණනකින් වැඩියෙන් සිදු කර ඇතැයි ගම්මන්පිල මහතා පවසයි.

ඉන්පසු පැමිණියේ මුදල් අච්චු ගැසීම පිළිබඳ ආදීනව මාධ්‍ය පුරා පැවසූ නන්දලාල් වීරසේකර මහතා බව ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා 2022 අප්‍රේල් මස 6 වනදා සිට සැප්තැම්බර් 30 වන දා දක්වා දින 175 ක කාලය තුළ රුපියල් බිලියන 590 ක නව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇත. එනම් වීරසිංහ මහතාගේ කාලය තුළ දිනකට බිලියන 3.37 ක මුදල් අච්චු ගසා ඇත. එනම් කබ්රාල් මහතාගේ වාර්තාව නන්දලාල් මහතා විසින් බිඳ දමන්නේ 55% කි ඉහළ දැමීමකින්‍ ය.

කබ්රාල් මහතා ගේ මහ බැංකු අධිපති ධුරය කාලයේදී දී ඩොලර් මිලියන ගණනින් ණය ගෙවූ බවත් මුදල් අවශ්‍යතාවය පරිදි මුදල් අච්චු ගැසූ බවත් ගම්මන්පිල මහතා පවසයි. ණය ගෙවීමට ද නොමැති මෙම කාලයේ මුදල් අච්චු ගසන්නේ කුමකටදැයි සියල්ලටම ප්‍රශ්නයක් බව ගම්මන්පිල මහතා පවසයි.

අද ආණ්ඩුවේ ආදායම කඩා වැටුණත් වැටුප් ගෙවිය යුතු බවත්, විශ්‍රාම වැටුප ගෙවිය යුතු බවත්, සමෘද්ධිය වැනි සහනාධාර ගෙවිය යුතු බවත්, ආණ්ඩුවට ඒ සඳහා මුදල් නොමැති නම් මුදල් අච්චු ගැසීමෙන් හෝ ගෙවිය යුතුය යන්න සත්‍ය බව ඒ මහතා පවසයි.

ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වන්නේ විශාල රාජ්‍ය අංශයක් නඩත්තු කිරීමයි. ජනාධිපතිවරයා කෙසේ පැවසුව ද මෙය අයවැය තුළ නව ආයතන එකොළහක් අඳුන්වා දී ඇති බව පවසන ගම්මන්පිල මහතා මෙලෙස නව ආයතන හඳුන්වා දීමෙන් ඒවාට අවශ්‍ය අධ්‍යක්ෂකවරුන්, වාහන, කාර්ය මණ්ඩල සියල්ල සඳහා අළුතින් වියදම් කිරීමට සිදුවන බව පෙන්වා දෙයි.

මේ සියල්ල සමඟ රටේ ආදායමට වඩා වියදම දිනෙන් දින ඉහළ යන බව වැඩිදුරටත් උදය ගම්මන්පිල මහතා පවසයි.

රෂිකා හෙන්නායක
2022.11.19

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan