IMF ණය මුදල ලැබීමට ලබන වසර මැද භාගය දක්වා කල් ගත වනු ඇතැයි එජාප මහ ලේකම්වරයා ප්‍රකාශ කරයි!

0
723

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ බාරගත්තේ බන්කොලොත් වූ රටක් බව පාලිත රංගේ බණ්ඩාර පවසයි. එවැනි රටකට ලෝකයේ කිසිදු පාර්ෂවයකින් සහයෝගය නොලැබෙන බව ඔහු ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයාගේ දක්ෂතාවය මත සහ ඔහුගේ ඇති සමීප සබඳතා මත යම් යම් ජයග්‍රහණයන් හිමිකරගෙන තිබෙන බවත් පවසන මහ ලේකම්වරයා තවදුරටත් කියා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තව වනතුරුත් නොලැබුණු බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් යම් සහනයක් ලැබීමට ද ලබන වසර එනම් 2023 මැදභාගය පමණ වේවි යැයි ඔහු උපකල්පනය කරයි.

මෙවැනි තත්ත්වයක් යටතේ අනුන්ගෙන් යැපීමටද හැකියාවක් නොමැති බව පවසන රංගේ බණ්ඩාර, කෙසේ හෝ නැගීසිටීමට අවශ්‍ය බව පවසයි.

එබැවින් එය ලොකු, කුඩා භේදයකින් තොරව දෙකෝටි විසිලක්ෂයක් වන සියලු ජනතාවට එම කැපකිරීම සිදු කිරීමට වන බව පවසයි.

ඔවුන් කෙසේ කීවත් වැඩිවන ජීවන බර දරා ගත නොහැකි ජනතාව අසීමිත පීඩනයක් දරාගනිමින් සිටී. දරුවන්ගේ සහ යැපෙන්නන්ගේ කුසට අහරක් සැපයීමට නොහැකි අසරණ පියවරුන් මවුවරුන් අද දවසින් දවස සියදිවි නසාගන්නා තැනට පැමිණ ඇත.

කවුරුන් කෙසේ කීවත් ප්‍රායෝගිකව මුහුණ දෙන ජනතාව අද පසුවන්නේ දැඩි පසුතැවිල්ලෙනි. කවදා මේ පීඩනයෙන් ගැලවීමට ලැබේදැයි ජනතාව ඇඟිලි ගනිමින් සිටී.

වීඩියෝව: https://fb.watch/gUl8LDSx8c/

රෂිකා හෙන්නායක
2022.11.19