IMF ණය මුදල ලැබීමට ලබන වසර මැද භාගය දක්වා කල් ගත වනු ඇතැයි එජාප මහ ලේකම්වරයා ප්‍රකාශ කරයි!

Date:

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ බාරගත්තේ බන්කොලොත් වූ රටක් බව පාලිත රංගේ බණ්ඩාර පවසයි. එවැනි රටකට ලෝකයේ කිසිදු පාර්ෂවයකින් සහයෝගය නොලැබෙන බව ඔහු ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයාගේ දක්ෂතාවය මත සහ ඔහුගේ ඇති සමීප සබඳතා මත යම් යම් ජයග්‍රහණයන් හිමිකරගෙන තිබෙන බවත් පවසන මහ ලේකම්වරයා තවදුරටත් කියා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තව වනතුරුත් නොලැබුණු බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් යම් සහනයක් ලැබීමට ද ලබන වසර එනම් 2023 මැදභාගය පමණ වේවි යැයි ඔහු උපකල්පනය කරයි.

මෙවැනි තත්ත්වයක් යටතේ අනුන්ගෙන් යැපීමටද හැකියාවක් නොමැති බව පවසන රංගේ බණ්ඩාර, කෙසේ හෝ නැගීසිටීමට අවශ්‍ය බව පවසයි.

එබැවින් එය ලොකු, කුඩා භේදයකින් තොරව දෙකෝටි විසිලක්ෂයක් වන සියලු ජනතාවට එම කැපකිරීම සිදු කිරීමට වන බව පවසයි.

ඔවුන් කෙසේ කීවත් වැඩිවන ජීවන බර දරා ගත නොහැකි ජනතාව අසීමිත පීඩනයක් දරාගනිමින් සිටී. දරුවන්ගේ සහ යැපෙන්නන්ගේ කුසට අහරක් සැපයීමට නොහැකි අසරණ පියවරුන් මවුවරුන් අද දවසින් දවස සියදිවි නසාගන්නා තැනට පැමිණ ඇත.

කවුරුන් කෙසේ කීවත් ප්‍රායෝගිකව මුහුණ දෙන ජනතාව අද පසුවන්නේ දැඩි පසුතැවිල්ලෙනි. කවදා මේ පීඩනයෙන් ගැලවීමට ලැබේදැයි ජනතාව ඇඟිලි ගනිමින් සිටී.

වීඩියෝව: https://fb.watch/gUl8LDSx8c/

රෂිකා හෙන්නායක
2022.11.19

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...

ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?

සටහන – පුලී නොවැම්බර් 08, කොළඹ (LNW): මෙය පොදු මකුළු...

ඉන්දුනීසියානු පාසල් පල්ලියක පිපිරීමක් හේතුවෙන් 54 දෙනෙකුට තුවාල: සැකකරුට වයස 17යි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියානු අගනුවර...