සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අද (19) අළුයම මාරවිල, මුහුදුකට්ටුව ප්‍රදේශයේ දී බෝට්ටුවක් පෙරළී යාමෙන් ජපන් ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලීසිය දැනුම් දෙයි.
ඊයේ (18 ) දින සවස 05.30ට පමණ බිලී කොකු දමා මසුන් මැරීමට කුඩා ඩිංගි බෝට්ටුවකින් ජපන් ජාතිකයෙකු ඇතුළු 05 දෙනෙකු මුහුදට ගොස් ඇත්තේ මාරවිල – කුරුස පල්ලිය ආසන්නයෙහි මුහුදෙනි.
අනතුරුව, එම පිරිස මසුන් මරමින් සිටින අතරතුර ඇති වූ වැසි තත්ත්වය සමඟ බෝට්ටුව මුහුදේ පෙරළී ගොස් ඇති අතර, අතුරුදන් වී ඇති බව කියන බෝට්ටුවේ හිමිකාරිනිය වන මාරවිල – උතුරු මූදුකටුවේ පදිංචි ශ්‍රියානි ජීවනී ප්‍රනාන්දු යන අය විසින් ඒ බව අද (19) දින අලුයම 03.30ට පමණ මාරවිල පොලීසියට දැනුම් දීමට කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.
බෝට්ටුව පදවා ගෙන ගිය අය විසින් මේ බව දුරකථන පණිවුඩයක් මඟින් ගොඩබිම සිටින තවත් ධීවරයෙකුට දැනුම්දීමට කටයුතු කර ඇති අතර, බෝට්ටුව පෙරළී ගිය බව කියන ප්‍රදේශයට ගොස් ඇති තවත් පිරිසක් විසින් බෝට්ටුව පදවා ගෙන ගිය අය ව බේරා ගෙන ගොඩ බිමට ගෙනවිත් ඇති බවද සඳහන් වේ.
බෝට්ටුවේ සිටි සෙසු සිව්දෙනා අතුරුදන් වී ඇති බවත්, පිරිස සොයා නාවික හමුදාවේ සහාය ඇති ව මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු කර ඇති බව මාරවිල පොලීසිය වැඩි දුරටත් පවසයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
