*
Monday, November 25, 2024
spot_img

Latest Posts

E පාස්පෝට් ප්‍රංශයේ තලිස්ට? – චන්ද්‍රිකා පෙරට – දිලිත්ට කාන්තා ආකර්ෂණය – එජාපය ඡන්දෙට සුදානම් – පාර්ලිමේන්තුවේ ලිංගික අපචාර චෝදනා – සිහින අගමැතිට කතුවරයෙක් ලනුවක් දීලා!

  • E පාස්පෝට් ප්‍රංශයේ තලිස්ට?
  • චන්ද්‍රිකා පෙරට
  • දිලිත්ට කාන්තා ආකර්ෂණය
  • එජාපය ඡන්දෙට සුදානම්
  • පාර්ලිමේන්තුවේ ලිංගික අපචාර චෝදනා
  • සිහින අගමැතිට කතුවරයෙක් ලනුවක් දීලා
  • IRD දිරි දීමනා ලක්ෂ 4530ක්

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): අයවැය සම්බන්ධයෙන් බොහෝ දෙනා දහසක් බලාපොරොත්තු තබා සිටියද එයින් සාමාන්‍ය ජනතාවට ලැබුණු දෙයක් නොමැති තරම්ය. රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලැබුන ද ඒ සමගම වැඩි වුනු වැට් බද්ද හා අනෙකුත් බදු එක්වූ විට වැඩි කෙරෙනු වැටුපට වඩා වැඩි වියදමක් දරන්නට ජනතාවට සිදුව තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ බලපෑම නිසා ජනතාවට සහන දෙන්නට හැකියාවක් නොමැති බව රජය පැත්තෙන් පවසන කාරණයයි. එහෙත් රජයේ වියදම් පාලනය කරගන්නා හෝ අඩු කරගන්නා බවක්ද නොපෙනේ. 2024 මැතිවරණ වසරක් වුවද අයවැය දෙස බැලූ විට ලබන වසරේ ඡන්ද කෙසේ කරන්නට බලාපොරොත්තු වන්නේද යන්න ගැටලුවකි. යථාර්තය කෙසේ වෙතත් ජනතාව එම යථාර්තය තේරුම් ගන්නට සුදානම් නැති නම් පාලක පක්ෂයට සිදුවන්නේ ගෙදර යන්නටය. එය පසුගිය මාස කීපය තුල ලොව පුරා දැකිය හැකි විය. දියුණු රටවල පවා උද්ධමනය ඉහල යද්දී ජනතාව විපක්ෂය බලයට ගෙන ආ අයුරු බොහෝ රටවල දැක ගත හැකි විය. ආර්ථික අර්බුදය නිසා දෙගුණ වූ භාණ්ඩ මිල ජාත්‍යන්තර අර්බුද හමුවේ දිගින් දිගටම ඉහල යාම සිදු විය. ඒ සමගම දේශීය වශයෙන් ඒකාධිකාර හා අසාධාරණ මිල ඉහළයාම් ද පාලනය කරගන්නට රජය ගත් ක්‍රියාමාර්ග සාර්ථකවී නැත.

VAT ඉහලට – නව භාණ්ඩ හා සේවා රැසකට අලුතෙන් VAT

ලබන ජනවාරි පළමු වැනිදා සිට නව භාණ්ඩ රැසකට වැට් බදු ක්‍රියාත්මකවේ. ඒ අනුව පරිගණක, සෞඛ්‍ය උපකරණ හා ආම්පන්න, ආභරණ, ජංගම දුරකථන, පොත්පත්, සඟරා, විවිධ යන්ත්‍ර සූත්‍ර, පුස්තකාල සේවා, මුතු, දියමන්ති, ආදී භාණ්ඩ හා සේවා රැසක් සඳහා නව වට බදු ක්‍රියාත්මක වේ. මේ සමගම මෙතක් පවතී භාණ්ඩ හා සේවා සඳහා වැට් බද්ද සියයට පහළොවේ සිට දහ අට දක්වා වැඩි කෙරේ. මේ අනුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වේගයෙන් ඉහල යනු ඇති අතර සාමාන්‍ය ජනතවට එය කිසිසේත් ඔරෝත්ත්තු නොදෙනු ඇත.

මහා මැතිවරණයකට සුදානමක් – සියලු පක්ෂ සුදානම්

පවතින තත්වය හමුවේ හදිසි මහා මැතිවරණයක් ගැන රටේ දේශපාලන අංශවල වැඩි කතා බහක් පවතින අතර සියලුම ප්‍රධාන පක්ෂ ඕනෑම මොහොතක මැතිවරණයකට මුහුණ දිය හැකි ආකාරයට රට වටා සංවිධාන කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. ආණ්ඩු පක්ෂය වන පොහොට්ටුවේ අභ්‍යන්තරයේ සාකච්ඡා වී ඇත්තේ මාර්තු ,අප්‍රේල් හෝ මැයි මාසයේ මහා මැතිවරණය මුලින් පවත්වන්නට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවය. ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය හෝ වෙනත් ඕනෑම මැතිවරණයකට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබේ.

ඒ අතරේ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට වහාම මැතිවරණයකට සුදානම් වන ලෙස දන්වා ඇති අතර මේ වන විට දිස්ත්‍රික් හා පළාත් වශයෙන් නායකයන්ද පත් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය දැනටමත් රට පුරා රැස්වීම් පවත්වමින් යන අතර ඔවුන්ද සිටින්නේ ඕනෑම මොහොතක මැතිවරණ සුදානමකය.
ප්‍රධාන පක්ෂ එලෙස සුදානම් වෙද්දී මීළඟ ජනාධිපතිවරණයට තරගවදින බව ප්‍රකාශ කර ඇති දිලිත් ජයවීර ශ්‍රීලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම තරග වදින්නට මේ වන අපේක්ෂක ලැයිස්තු පවා සුදානම් කර ඇති බව සඳහන්ය.

අධිකරණ තීන්දුව සහ රාජපක්ෂවරු ……

රටේ ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ රාජපක්ෂවරුන් හා එම රජයේ ප්‍රබල නිලධාරීන් පිරිසක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව මෙරට දේශපාලනයේ බොහෝ දෙනාගේ අවධානය යොමුවුණු කාරණයක් විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අදාළ තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පැවසුවේ අදාළ තීන්දුව පිළිගත නොහැකි බවය.

පොහොට්ටුවේ නායකත්වයට බැසිල් – ජාතික සංවිධායක නාමල් – පරමාදර්ශී නායකයා මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් 15 වනදා පැවැත්වීමට නියමිතය.මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා නව නායකයා ලෙසට පත් කරන්නට නියමිත අතර ජාතික සංවිධායක ධුරය නාමල් රාජපක්ෂ වෙත ලබා දීමට නියමිතය.

මේ සඳහා පක්ෂයේ මැති ඇමතිවරුන්, අනුබද්ධ සංවිධාන නායකයින්, පළාත් පාලන නියෝජිතයින් සහ සහෝදර පක්ෂ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිත ය.

එමෙන්ම පොහොට්ටුවේ මූලිකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් බිහිකිරීමත් එම සන්ධානය සඳහා සුදුසු නායකයකු නම් කිරීමත් පිළිබඳව ද මේ වනවිට පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇත.

විශේෂයෙන්ම ලබන වසර මැතිවරණ වසරක් වන බැවින් ඊට අදාළ තීන්දු තීරණ රැසක් මෙවර ජාතික මහා සමුළුවේදී ගැනීමට නියමිතය.එහිදී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරමාදර්ශී නායකයා වශයෙන් පත්කිරීමට ද නියමිතව තිබේ.

එජාප කළමනාකරණ රැස්වීම ජනපති රනිල් ප්‍රධානත්වයෙන් – අකිලට – රවීට වගකීම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව පසුගියදා රැස්වුයේ එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීය. එහිදී එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ ඉලක්ක කරගත් කමිටු කීපයක් පත් කෙරුණු අතර මැතිවරණ කටයුතු වලදී වැඩිම බරක් පැටවුනේ එජාප උප නායක අකිල විරාජ් කාරියවසම්ට හා කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක හටය.

කොළඹ දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු රවී කරුණානායක හට පැවරුණු අතර මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන්නට නියමිත ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකද සම්බන්ධ කරගෙන එම කටයුතු සිදු කරන ලෙස දන්වන ලදී. ගම්පහ සහ කෑගල්ල සංවිධාන කටයුතු පැවරුනේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන හටය. වයඹ පළාත හා මාතලේ දිස්ත්‍රික්කය උප නායක අකිල විරෝජ් කාරියවසම් හට භාර විය.පාලිත රංගේ බණ්ඩාර උතුරු මැද සහ නැගෙනහිර පළාතේ කොටසක් භාර විය. අම්පාර දිස්ත්‍රික්කය දයා ගමගේ සහ අනෝමා ගමගේ හට භාර විය.බදුල්ල සහ මොනරාගල හරින් ප්‍රනාන්දු හටද ,වජිර අබේවර්ධන හා මනුෂ නානායක්කාර හට දකුණු පළාත භාර විය. මහනුවර භාර වුයේ මනුෂ ට හා සාගලටය. රත්නපුර හා කළුතර ද පැවරුනේ වජිරටය.

එසේම සෑම ආසනයක්ම තුනකට කඩා කලාප සංවිධායකවරු පත් කිරීමටද මෙහිදී තීරණය කෙරිණි. මැතිවරණ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් තවත් වැදගත් තීරණ කීපයක් ලබන සඳුදා ගැනීමටද නියමිතය. මෙවර එක්සත් ජාතික පක්ෂය පුළුල් සන්ධානයක් ලෙස මැතිවරණ වලදී තරඟ කරන්නට නියමිත අතර එහිදී ගැටළු මතු නොවන ආකාරයට අනෙකුත් පක්ෂ සඳහාද අවස්ථා ලබා දෙමින් කටයුතු කරන්නට නියමිතය.

පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ?

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් නොමැත. එක පාර්ශවයක් ජනාධිපති රනිල්ට සහය දැක්විය යුතු බව කියද්දී අනෙක් පාර්ශවය පවසන්නේ ව්‍යාපාරික ධම්මික පෙරේරාට සහය දැක්විය යුතු බවය.මේ අතර පොහොට්ටුවේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයකු වන මිලින්ද මොරගොඩ ගේ නමද කියවේ.

මේ අතර ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධයෙන් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතරතුර හතර අතේ ප්‍රහාර එල්ල කළේය.

මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය මහ බැංකුවෙන් ගත් රුපියල් කෝටි 3000 ක් තවමත් ගෙවා නැතැයි විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමාගේ අමාත්‍යාංශයටවත් එපමණ මුදලක් වෙන් නොකරන බව පැවසු අමාත්‍යවරයා මෙය එක මිනිහකු ගත් ණය මුදලක් බවද , ඒ අයට දඬුවම් නොලැබී ඇමති ධූර පවා පිරිනැමුණු බව ද පැවසීය.අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.

රනිල් පොහොට්ටුව සමග පෙරට …………..

මේ අතර පොහොට්ටුව හා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අතර වඩා ශක්තිමත් සම්බන්ධතාවයක් සමග රට ඉදිරියට ගෙන යාමටත් ශක්තිමත් ආණ්ඩුවක් කර ගෙන යාමටත් පොහොට්ටුව පාර්ශවයෙන් ජනාධිපතිවරයාට යෝජනා කීපයක් ඉදිරිපත්ව තිබේ. එහිදී ජනාධිපතිවරයාගේ පැත්තෙන්ද ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙන අතර දෙපාර්ශවයම මේ වන විට ඒ සම්බන්ධයෙන් මූලික එකඟතා ඇති කර ගෙන තිබේ. මේ අනුව පාලන තන්ත්‍රයේ ප්‍රබල වෙනස්කම් කීපයක් සිදු කරන්නට නියමිතව තිබේ.

රංජිත් බණ්ඩාර ට විශ්වාසභංගයක් – චෝදනා රැසක්

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ කමිටු සාමාජිකයන් වැඩි දෙනෙකුගෙන් බහුතර කැමැත්ත මත කමිටු සභාපතිවරයා ඉවත් කිරීමේ හැකියාව ඇත.

ඒ අතර සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු යොදමින් සිටී.එය සදුදා දිනයේ කතානායකවරයාට භාර දීමට කටයුතු යොදමින් තිබේ.

රංජිත් බණ්ඩාර ගැන සජිත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි

විපක්ෂ නායකටත් එන්න තහනම් වූ කෝප් කමිටුවට රංජිත් බණ්ඩාරගේ පුතා ඇවිත් වාඩි වී සිට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පැවසීය.

කෝප් කමිටුවේ සභාපති වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා කැන්ඩි ක්‍රිකට් කැම්පස් ව්‍යාපෘතියේ උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති බැවින් ලැබැදියාව අතර ගැටුම් තත්ත්වය මත මොහු තවදුරටත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස තබාගත හැකිදැයි විපක්ෂනායකවරයා ප්‍රශ්න කළේය.

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ පුතා වන කණ්ෂ්ක බණ්ඩාර මහතා කෝප් කමිටුවේ වාඩිවී ඇති බවත් එමගින් තමාගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඔහු කෝප් කමිටුවට එනතුරු පාර්ලිමේන්තුවේ බලධාරීන් ගත් ක්‍රියාමාර්ග කවරේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා තමාට වත් කෝප් කමිටුවේ වාඩි විය නොහැකි ලෙස තහනම් කළත් පාර්ලිමේන්තු නිලධාරියකු නොවන මේ පුද්ගලයා එහි වාඩි වූයේ කෙසේද කියා ගැටලු සහගත යැයි පැවසීය.

මේ අතර කමිටු සභාපතිවරයකුගේ ලිංගික අපචාර චෝදනා පාර්ලිමේන්තුව උඩු යටිකුරු කර තිබේ.

මන්ත්‍රීන් 18ක ගෙන් සජබ නායකයාට විශේෂ ලිපියක්

ඉදිරි මැතිවරණ වලදී ජයග්‍රහණය කිරීම සඳහා සමගි ජන බලවේගය නායකයා සහ පක්ෂය විසින් සිදු කළ යුතු මූලික වෙනස්කම් ඉක්මනින් සිදු කරන්නැයි ඉල්ලමින් එම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 18 දෙනකු විශේෂ ලිපියක් භාරදී ඇත.

එම ලිපිය භාරදීමට පෙර පක්ෂ මහලේකම් රන්ජිත් මද්දුම මහතා සමග ද මෙම පිරිස විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් තීන්දු ගැනීමට පෙර ඊට අදාලව පක්ෂ නායකයා ඇතුළු ජේෂ්ඨයන්ට උපදෙස් ලබා ගැනීමට විශේෂ කමිටුවක් පත් කළ යුතු බව ද එමගින් යෝජනා කර තිබේ.

ජනතා ප්‍රශ්න පිළිබඳව පක්ෂව අදහස් පළ කරන ආකාරය වෙනස් විය යුතු බවත් ලිපියේ සඳහන්ය.අදාළ ලිපිය මේ වන විට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට භාරදීමට මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලබා දී ඇත.

අගමැති සිහිනයෙන් ඔද වැදුණු ඇමතිට පුවත්පත් කතුවරයෙක් ලනුවක් දීලා

ආණ්ඩුවේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමතිවරයකු මේ දිනවල අගමැති සිහිනයෙන් විවිධ කටයුතු වල යෙදී සිටීම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ. මේ ඇමතිවරයා අගමැති වන බවට ඇමතිවරයාගේ පුතාට අනාවැකි පවසා ඇත්තේ එක්තරා ඉන්දියානු අනාවැකි කරුවෙකි. මේ හේතුවෙන් දැන් ඇමතිවරයාත් පුත්‍රයාත් දෙදෙනාම නක්ශාස්ත්‍ර කරුවන් පසු පසය.දෙදෙනා ලබන මාසයේ යලිත් වරක් ඉන්දියාවට යාමට නියමිතව ඇත්තේ ඊට අදාළ පුද පූජා හරහාය. දැන් ඇමතිවරයා තම ආසනයේ සමීප අධාරකරුවන්ටද තමන් අගමැති වන බව දන්වා ඇත. පසුගියදා අයවැය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුවත්පත් කතුවරුන්ට දැනුවත් කිරීමට පැවති රැස්වීමට ආරාධනා නොතිබුණු මේ ඇමතිවරයා ගොස් ඇත්තේ වහාම එහි ගොස් අයවැය සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාත්මකව දේශනය පවත්වන ලෙසට එක්තරා පුවත්පත් කතුවරයෙක් දුන් ලණුවක් කෑමෙනි . අවසානයේ එහිදී තමන්ට අසුනක් පනවා නොමැති බව දුටු ඇමතිවරයා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත්තේ එහි සිටි කිසිවකුත් ඇමතිවරයා වෙත අසුන් ගැනීමට ස්ථානයක් පවා ලබා නොදුන් නිසාය.

අලි – පොහොට්ටු සන්ධානය …..

මහා මැතිවරණය සඳහා පොහොට්ටුවත් එක්සත් ජාතික පක්ෂය ත් තවත් පක්ෂ කීපයකුත් සන්ධානයක් ලෙස තරග වදින්නට සුදානමක් පවතී. එසේ වුවහොත් මේ සියලු පක්ෂ එක් කර දිස්ත්‍රික් ලැයිස්තු සැකසීමට නියමිතය. කෙසේ වෙතත් මනාප සටනේදී කවුරුන් ජයගෙන පාර්ලිමේන්තුවට ඒ දැයි සැක සහිත වන්නේ කිසිදා එක්ව තරග නොකළ කණ්ඩායමක් එක්ව තරග කරද්දී ජනතාව කෙසේ ඡන්දය භාවිත කරාවිදැයි කිව නොහැකි නිසාය.

චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ දේශපාලන සංක්‍රමණය …..

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග යනු මෙරට දේශපාලනයේ සුවිශේෂී චරිතයකි. ලොවම මුල්ම අගමැතිනියගේ දියණිය සේම අගමැතිවරුන් දෙදෙනෙකුගේ දියණිය ලෙස දේශපාලන පන්නරය ලද ඇය වසර එකොළහක් ජනාධිපතිනිය ලෙස රට පාලනය කලාය. මේ වන විට ශ්‍රීලංකා නිදහස් පක්ෂය වෙත නැවත එක්වෙමින් සිටින ඇය වෙත පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන හා සම තනතුරක් ලබා දීමට නියමිතය. සන්ධාන තනන්නට මෙන්ම පක්ෂ එක්කොට ආණ්ඩු තනන්නට චන්ද්‍රිකා හට ඇති හැකියාව විශේෂිතය. ඉදිරියේදී ශ්‍රීලනිපය නැවත නගා සිටුවන්නට චන්ද්‍රිකාගේ ආගමනයට හැකියාවක් තිබේ. පොහොට්ටුවට ගිය තම පැරණි සගයන් ශ්‍රීලනිපයට යලි කැඳවා ගන්නට චන්ද්‍රිකාට හැකියාව තිබේ.

දිලිත් කාන්තා ආකර්ෂණය සමග රට වටා යයි – මහා මැතිවරණයට සියලු දිස්ත්‍රික්කවල තරගයට තරුණ තරුණියන් …

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මේ දිනවල රට වටා යන්නේ තම ජනාධිපතිවරණ සටනේ ප්‍රචාරක කටයුතු සඳහාය. ඔහුගේ ගම්පහ දිස්ත්‍රික් රැලිය අතිශය සාර්ථක වුයේ ඔහු බලාපොරොත්තුවූ ජනකාය මෙන් හතර පස් ගුණයක් ජනතාව පැමිණි නිසාය. දිලිත්ගේ මැතිවරණ සටනට වැඩිම ආකර්ශනයක් ඇති වී ඇත්තේ කාන්තාවන් ය. ඔහු ගේ මාතෘ වැඩසටහන අතිශය සාර්ථක වී තිබේ. තරුණ ව්‍යවසායකයන් රැසක් ඔහුට එක්වී සිටිති.

මහා මැතිවරණය මුලින් පවත්වන බවට පැතිර යන තොරතුරු සමග මව්බිම ජනතා පක්ෂය රටේ සියලුම දිස්ත්‍රික්ක වෙත තරග කිරීම සඳහා අපේක්ෂක ලැයිස්තු දැනටමත් සකස් කර ඇත. එහි විශේෂත්වය නම් එම සියලු අපේක්ෂක ලැයිස්තු වලින් සියයට තිහක් තරුණ තරුණියන්ටත් සියයට විස්සක් කාන්තාවන්ට වෙන් වීමත්ය. රටේ ජනගහනයෙන් සියයට 52 ක් නියෝජනය වන්නේ කාන්තාවන් නිසා දිලිත් ගේ මැතිවරණ සටනට කාන්තාවන්ගේ ආකර්ෂණය සුවිශේෂී කාරණයකි.

e -පාස්පෝර්ට් ටෙන්ඩරය ප්‍රංශ තලිස් සමාගමට දෙන්න පිරිවිතර හදලා ?

ආගමන විගමන දෙපාර්තමේන්තුව නව e පාස්පෝර්ට් ටෙන්ඩරය මේ වන විට රජය හා ව්‍යාපාරික අංශ වල දැඩි කතාබහට ලක්ව තිබේ. ප්‍රංශයේ තලිස් සමාගමට එම ටෙන්ඩරය ලබාදීම සඳහ ටෙන්ඩර් පිරිවිතර සකස් කර ඇති බවට චෝදනා පවතී. මීට පෙරද මේ සම්බන්ධයෙන් නැගුනු චෝදනා හේතුවෙන් මෙම ටෙන්ඩරය නැවත කැඳවන ලෙස ජනාධිපතිවරයාද නියෝග කර තිබු අතර මෙවර එය කැඳවන්නේ දෙවන වරටය. ආගමන විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධ වූ කටුනායක ගුවන් තොටුපලේ e – gate ටෙන්ඩරය හිමි කරගෙන සිටින්නේද තලිස් සමාගමය. තලිස් සමාගමේ දේශීය නියෝජිතයා ජස්ට් ඉන් ටයිම් සමාගමය. එහි හිමිකරු ජිත් වර්ණකුලසූරිය වන තර රටේ ඉහලම දේශපාලන සම්බන්ධතා ඔහුට හිමිය.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සිංගප්පුරු වේ හා යුරෝපයේ සංචාර සඳහා අනුග්‍රහකත්වයන් සැපයීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත.
මේ සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය ගෙන් LNW කල විමසීමේදී ” අප කිසිදු සමාගමකට වාසි වන ආකාරයට පිරිවිතර සකස් කර නැහැ. මීට අදාළ පෙර ඉල්ලුම් ටෙන්ඩර් රැස්වීම ලබන 23 වැනිදා තියෙනවා , එහිදී ඕනෑම කෙනෙකුට මීට විරෝධය පල කරන්න පුළුවන්, එවිට අප අවශ්‍ය ඕනෑම වෙනස්කමක් කරන්න සුදානම්.මුලින් අප පාස්ප්පොර්ට් ලක්ෂ පනහක් මේ ටෙන්දරයෙන් මිලදී ගන්නවා. සාමාන්‍යයෙන් මසකට අසුපන්දහසක් පමණ පාස්පෝර්ට් නිකුත් කරනවා , මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නම් කිරීම අනුව සිංගප්පුරුවේ e -gate පරීක්ෂාවකට අප දෙපාර්තමේන්තුවේ අතිරේක පාලකවරයා සිංගප්පුරුවේ සංචාරය කළා . ඒ දැනටමත් අදාළ e -gate ටෙන්ඩරය හිමි කරගෙන ඇති තලිස් සමාගමේ අනුග්‍රහයෙන්, අපේ තවත් නිලධාරීන් තිදෙනෙක් බෙල්ජියමේ සංචාරය කලේ IOM සංවිධානයේ අනුග්‍රහයෙන් සංක්‍රමනිකයන් සම්බන්ධ පුහුණු වැඩසටහනකට ” යයි සඳහන් කළේය.

රටේ ඉඩම් තොරතුරු – පුරවැසියන්ගේ තොරතුරු විදෙස් සමාගම්වලට දීමේ උත්සහයක් …

මේ අතර ශ්‍රී ලංකාවේ සියලු ඉඩම් මැනීම සිදු කර ඒවායේ හිමිකරුවන් සම්බන්ධ තොරතුරු ජාලගත කිරීම සඳහා ලබාදීමට කටයුතු කරමින් තිබෙන බවට රටේ ජනතාව අතර දැඩි කතා බහක් ඇතිවී තිබේ. එසේම ඉන්දියානු සමාගමකට ලබාදීමෙන් පසුව පසුගිය කාලයේ අවලංගු කල ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය නැවත වෙනත් ආකාරයකින් ගෙන් ඒමට රටේ ප්‍රබලයන් පිරිසක් කටයුතු කරමින් සිටින බවටද චෝදනා පවතී. ලොව කිසිදු රටක් තමන්ගේ රටේ මෙවන් සංවේදී තොරතුරු හෝ පුරවැසියන් පිලිබඳ තොරතුරු වෙනත් රටකට ලබා දෙන්නේ නැත. ඒ ජාතික ආරක්ෂාව මේ කාරණා සමග ඍජුව සම්බන්ධ නිසාය. මේවා අපේ රටේම කරගන්නට දේශීය සමාගම් ඕනෑ තරම් තිබේ.

එංගලන්තයේ කොටස් වෙළඳපොල භාවිත කරන පරිගණක මෘදුකාංගය සකස්කළේ ශ්‍රී ලාංකික සමාගමකි. එහෙත් අපේ රටේ සියල්ල ලබා දෙන්නේ විදෙස් සමාගම් වලටය.
මෙරට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෘදුකාංග පද්ධතිය ලබාදී ඇත්තේ සිංගප්පුරු සමාගමකටය. ඒ වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන ගනනක් සිංගප්පුරු සමාගමට ගෙවනු ලබන්නේ එවැනි කටයුතු කළහැකි ශ්‍රී ලාංකික සමාගම් සිය ගණනක් රටේ සිටිද්දීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දිරි දීමනා ලක්ෂ 4530 ක්

මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිරි දීමනා ලෙස ලබා ගැනීමට ඉල්ලා ඇති රුපියල් ලක්ෂ 4530 ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් නවත්වා තිබේ. විශාල ලෙස ඉහල වැටුප් ලබන දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රාජකාරිය බදු එකතු කිරීමය. එසේ තිබියදී මෙතරම් ඉහල මුදලක් දීමන ලෙස ගෙවීමට සිදුවන්නේ නම් එහි කවර හෝ ගැටළුවක් තිබිය යුතුය. එම දෙපාර්තමේන්තුව කිසියම් හෝ පුද්ගලයකුට දඩ ගසන විට සියයට පනහක් හිමි කරගන්නේද දෙපාර්තමේන්තු වේ අදාළ දඩය නියම කරන නිලධාරියාය. මෙවන් විශාල් දීමන වහාම අඩුකර එම මුදල් රජයට ලබා දිය යුතුය. බදු එකතු කරන්නට රාජකාරිය වන මිනිසුන්ට ඒ වෙනුවෙන් මහජන මුදලින් මෙතරම් දීමනා ගෙවන රටක් මේ අයුරින්වත් ඉතිරිවීම පුදුමය.

ක්‍රිකට් අර්බුදය පෙරටම ….

ක්‍රිකට් අර්බුදය නිසා රොෂාන් රණසිංහ එක රැයෙන් රටේ වීරයකු විය. එසේම රටේ ක්‍රිකට් ජාත්‍යන්තරව තහනම් විය. ඊට චෝදනා එල්ල වන්නේද ක්‍රිකට් නිලධාරීන්ටය. අද රටේ ඇති බහුතර ජනතාව සිටින්නේ ක්‍රිකට් ආයතනය දූෂිතය යන මතයේය. එම මතය වෙනස් කරන්නට තවත් කාලයක් ගත වනු ඇත, අනෙක් අතට එයින් රටේ අධිකරණ පද්ධතියට සිදුවූ හානිය මහත්ය. ඉහල සිට පහලට දේශපාලනඥයනට මෙයින් සිදුවූ හානිය සුවිශාලය.එහෙත් තවමත් එම ප්‍රශ්නයේ ප්‍රබලයන් එල්ලී සිටින්නේ කිසිදු වගකීමක් හෝ වගවීමක් නොමැති ලෙසටය. කෙසේ වෙතත් රටේ නීතිය, සාධාරණත්වය හා උත්තරීතර පාර්ලිමේන්තුව තවදුරටත් ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක් නොකොට මේ ප්‍රශ්න සියලු පාර්ශව වහාම විසඳාගත යුතුය. ක්‍රිකට් යනු රටේ ජනතාවගේ මිස අන් කිසිවකුගේ නොවේ.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan