Sunday, December 3, 2023
spot_img

Latest Posts

ගසාහි රෝහල් අසාධ්‍ය තත්වයේ – WHO

සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් දරුවන් 4,710ක් හා කාන්තාවන් 3,160 ක් ද ඇතුළුව පුද්ගලයන් 12,000ක් මිය ගොස් දහස් සංඛ්‍යාත පිරිසක් තුවාල ලබා තිබේ.

ඖෂධ, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිකම හේතුවෙන් ගසාහි විශාලතම හා දියුණුතම රෝහක වන අල්-ෂිෆා රෝහල මේ වන විට මරණයේ කලාපයක් වශයෙන් තවදුරටත් වෛද්‍ය පහසුකම් යටතේ ක්‍රියාත්මක නොවන බවත්, කොරිඩෝ සහ රෝහල් භූමිය වෛද්‍ය හා ඝන අපද්‍රව්‍යවලින් පිරී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.

අල්-ෂිෆා හි තවමත් සෞඛ්‍ය සේවකයින් 25 ක් සහ රෝගීන් 291 ක් සිටින අතර ළදරුවන් 32 දෙනෙකු “අතිශයින් අසාධ්‍ය තත්ත්වයේ” සිටින අතර ඉදිරි පැය 24-72 තුළ අල්-ෂිෆා රෝහලේ රැඳී සිටින රෝගීන්, කාර්ය මණ්ඩලය සහ පවුල් ඉවත් කිරීම සඳහා සැලසුම් කඩිනමින් සකස් කරමින් සිටියි.

Jabalia සරණාගත කඳවුර Al Fakhoura පාසල සහ Tall az-Zaatar හි තවත් පාසලක් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ළමුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව සඳහන් වන අතර වොෂින්ටනය මැදිහත්ව දෙපාර්ශවය අතර ස්ටම් විරාමයක් ගෙන ඒමට කටයුතු කරන බව වොෂින්ටන් පෝස්ට් වාර්තා කර තිබේ.
මේ සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් නිල ප්‍රකාශයක් ලබා දී නොමැති අතර ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබුණේ, අපි එකඟ වන්නේ අපගේ ප්‍රාණ ඇපකරුවන් නැවත පැමිණීම සඳහා වන තාවකාලික සටන් විරාමයකට පමණක් වන බව ප්‍රකාශ කර තිබේ.

ගාසා තීරයේ මිලියන 2.3 ක පදිංචිකරුවන්ට පානීය ජලය සොයා ගැනීම කළ නොහැකි දෙයක් බවට පත්ව ඇති අතර සියලුම ප්‍රධාන සනීපාරක්ෂක සේවා ක්‍රියාත්මක වීම නවතා ඇති බැවින් ගාසා තීරයේ වීදිවල අපද්‍රව්‍ය ගලා බසින අතර, කොලරාවබෝවන රෝග විශාල වශයෙන් බෝ වෙමින් පවතියි.

ඊශ්‍රායලය ගාසා තීරයට අඛණ්ඩව 41 වන දිනටත් පහර දෙමින් සිටින අතර ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් දරුවන් 4,710ක් හා කාන්තාවන් 3,160 ක් ද ඇතුළුව පුද්ගලයන් 12,000ක් මිය ගොස් දහස් සංඛ්‍යාත පිරිසක් තුවාල ලබා තිබේ.

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.