ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම ඉල්ලා ක්‍රිකට් පරිපාලනයෙන් ICC යට ලිපි 3ක් – විපක්ෂ නායක සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක් !

Date:

ලෝක කුසලානයේ අවසන් තරගය පැවැත්වෙන අද දින මේ රටේ ක්‍රිකට්වලට ආදරය කරන ජනතාවට නව අනාවරණයක් සිදු කිරීමට තමා කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි ICC යට තවත් ලිපි 3ක් 2023 නොවැම්බර් 6, 7 හා 9 යවා ඇති බවත් මේ ලිපි පරිශීලනය කරන විට ලංකාවට ක්‍රිකට් තහනමක් වු ආකාරය අවබෝධ කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නොවැම්බර් 6 ලිපියෙන් අන්තර් වාර කමිටුව විවේචනයට ලක් කර දේශපාලන ඇගිලි ගැසිමි සිදුවන බව පවසා ඇති බවත් ඇමතිවරයාට බලපෑම් කරන ලෙසත් ඉල්ලා තිබේ. එසෙම දෙවෙනි ලිපිය මගින් අන්තර් වාර කමිටුව ක්‍රිඩා පනත උල්ලංඝනය කර ඇති බවත් එය ICC ව්‍යවස්ථාවට පටහැනි බවත් යම් හෙයකින් අන්තර් වාර කමිටුවක් පත් කළහොත් ක්‍රිකට් තහනම් කිරීමට සිදුවන බව පවසන ලෙසත් එහි සදහන් බව විපක්ෂ නායකවරයා පැවසීය.

තවද 19න් පහල ලෝක කුසලානය, 2024 පැවැත්වෙන ICC ජාත්‍යන්තර සම්මේලනය, T20 තරගය ආදි ක්‍රියාකාරකම් වෙනත් රටක තියන්න කියා බලපැම් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

තවද 3 වැනි ලිපිය මගින් පාර්ලිමේන්තු විවාදය ක්‍රීඩා ඇමතිගේ මුල පිරීම මත සිදු කල බවත් ක්‍රිකට්හී සාමාජිකයන් ඉවත් කර ස්වාධීනත්වයට බලපැම් කර ඇති බවත් සදහන් ය. එසේම ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරන බවත් එය ICC ව්‍යවස්ථාව පටහැනි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලබන ආදායමෙන් සියයට 20ක් ක්‍රීඩා අමාත්‍යාංශයට ඉල්ලා සිටින බවත් එහි සදහන් බව විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම ලිපිවල අන්තර්ගත තොරතුරු සාවද්‍ය බවත් මෙහිදිි කිිසිම දේශපාලන ඇගිලි ගැසිමක් නොවු බවත් මෙය ගජමිතුරු ක්‍රීඩාවක් නොවන බවත් මෙය ලක්ෂ දෙසිය විස්සේම ක්‍රීඩා අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...