ලංකාවේ පිහාටු මල් සුවඳ ලොව දස අත විහිදෙන මොහොතක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 20,(LNW) කොළඹ :

මේ දිනවල ශ්‍රී ලංකාව නියෝජනය කරන බැඩිමින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කාර්ය බහුලය.පිරිසක් අප්‍රිකාවේය.තවත් පිරිසක් සිටින්නේ වියට්නාමයේ ය.බහරේනයේ දසක්ම් දක්වමින් සිටින පිරිසක් ද වෙති.
මේ අතර වියට්නාම FELET Vietnam International Series 2024 තරගාවලියට සහභාගි වන රසිඳු හෙන්දහේවා ලකුණු 21-12 සහ 21 – 14 ක් ලෙස මැලේසියාවේ ජොයෙල් ටාන් පරාජයට පත් කළේය.අද ඔහු චීන තායිපේ ක්‍රීඩක ලු වෙයි සමඟ තරග වඳිනු ඇත.මෙම තරගාවලියට සහභාගි වන මධුක දුලාංජන සහ ලහිරු වීරසිංහ පිරිමි යුගල තරග සඳහා සහභාගි වන්නේ අද ය.එසේම වියට්නාමයේදී දසිත්මා ජයතිලක ද කාන්තා කේවල තරග අංශයෙන් තරග වඳින්නට නියමිතය.


බහරේන් හී පැවත්වෙන දෙවන ජාත්‍යන්තර සූරතාවලිය ද ඊයෙ ඇරඹිණි.ඊයේ දවසේදී පැවති කාන්තා සුදුසුකම් ලැබීමේ තරගවලදී ප්‍රධාන තරගාවලියේ තරග වදින්නට ශ්‍රී ලංකාවේ රශ්මි මුදලිගේ සමත් වූවාය.අද සිට ප්‍රධාන තරගාවලියේ පිරිමි අංශයෙන් ආශිංසන හේරත් ද පෙර පැවති තරගාවලියේ කාන්තා අනු සූරිය වූ රනිත්මා ලියනගේද තරග බිමට පිවිසෙනු ඇත.කාන්තා යුගල තරග අංශය නියෝජනය කරන 15 හැවිරිදි සිතුමි ද සිල්වා සහ ඉසුරි අත්තනායක ද මේ තරගාවලියේ කාන්තා යුගල තරග සඳහා සහභාගි වන්නේය.


මේ අතර අප්‍රිකාවේ බොට්ස්වානා හී හෙට ඇරඹෙන තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ හසාරා විජේරත්න සහ හසිනි අම්බලගොඩ ද කාන්තා යුගල තරග අංශයෙන් තරග බිමට පිවිසෙන්නේය.ඡායාරූපයේ සිටින්නේ වියට්කාමයේ පැවත්වෙන තරගාවලියේ දී පළමු තරගය ජය ගත් රසිඳු හෙන්දහේවා ය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...