කර්මාන්ත සැළසුම් අධ්‍යක්ෂට ක්‍රීඩා ලේකම් පුටුව

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 20,(LNW) කොළඹ :

කර්මාන්ත අමාත්‍යාංශයේ සැළසුම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ අරුණ බංඩාර තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කර ඇත.ඔහු සිය ධූරයේ වැඩ භාරගැනීම අද (20) දින එම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.

ආණමඩුව මධ්‍ය මහා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ අරුණ බණ්ඩාර මහතා කැළණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබද (විශේෂ) ශ්‍රාස්ත්‍රවේදී උපාධියත්, එක්සත් රාජධානියේ වේල්ස් විශ්ව විද්‍යාලයේ සංවර්ධන ප්‍රතිපත්ති සහ සැලසුම් පිළිබඳ ආර්ථික, සමාජ අධ්‍යයන, සංවර්ධන අධ්‍යනය පිළිබද පශ්චාත් උපාධියක් ද හිමිකරගෙන ඇත.

රාජ්‍ය සේවය සඳහා 1994 දී එක්වූ අරුණ බණ්ඩාර අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන ගණනාවක නියෝජ්‍ය අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ තනතුරු දරමින් දේශීය හා විදේශීය විශේෂ පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇත.

ක්‍රම සම්පාදන සේවාවේ විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකු ලෙස වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා නව රජයේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ලෙස ඊයේ (19) දින ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පත්වීම් ලැබීය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...