පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද (20)

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (20) දහවල් 12 ට පමණ, පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව , නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.

කෝප් කමිටුවේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව සඳහන් වේ.

නියෝජ්‍ය කතානායක සඳහන් කළේ , වත්මන් කෝප් කමිටුව අඛණ්ඩව පවත්වාගෙන යන්නේද නැත්නම් එය විසුරුවා ඒ සඳහා නව සාමාජිකයින් පත්කරන්නේද යන්න පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවය.

පසුගිය සිකුරාදා දින නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් නොපවත්වන බව කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර , ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් විමර්ශනයට අදාළව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සම්බන්ධයෙන් මතු වූ විවේචනාත්මක තත්ත්වය සැලකිල්ලට ගෙනය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...