Sunday, December 3, 2023
spot_img

Latest Posts

ශෙන් යික්න් සහ ජනපති රනිල් අතර හමුවක් !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): චීන ජනපති විශේෂ නියෝජිත ශෙන් යික්න් මහත්මිය ඇතුළු පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (20) පැවැත්වීමට නියමිතයි.

ඉකුත් දා ඇය දිවයිනට පැමිණි අතර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද ඔවුන් සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. එහිදී ආර්ථික, දේශපාලනික ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද සඳහන් වේ.

තවද, අද පස්වරුවේ මේ නියෝජිත පිරිස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවීමට ද සැලසුම් කර ඇති අතර , චීන ජනපති විශේෂ නියෝජිත ශෙන් යික්න් මහත්මිය ඇතුළු පිරිස දිවයිනට පැමිණියේ පෙරේදා (18) දින දීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.