දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද පෙ.ව.10ට!

0
203

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ (LNW):

අද පෙරවරු 10ට දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භ වීමට නියමිතයි. එහිදී විශේෂ කටයුතු රැසක්  මෙහිදී  සිදුවීමට නියමිත බව පැවසේ.

අද දින කතානායකවරයා ඇතුලු සෙසු තනතුරු සදහා තෝරා ගැනීම ඇතුළු වැදගත් කරුණු රැසක් ඒ අතර වේ.

පෙරවරු 11.30ට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.