දැදුරු ඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ!

කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය පාලනය කිරීම සඳහා මේ වන විට ජලාශයේ වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කර තිබේ.

ඒ අනුව, තත්පරයකට ඝන අඩි 2,800ක ජල ප්‍රමාණයක් දැදුරු ඔය වෙත මුදාහරිමින් පවතින අතර මේ හේතුවෙන් දැදුරු ඔය ජලාශයෙන් පහළ ප්‍රදේශවල සහ ඔය දෙපස පදිංචි ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.

දැදුරු ඔයේ ජල මට්ටම ඉහළ යාම පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන අනුව කටයුතු කරන ලෙසත්, දැදුරු ඔයේ ජල මට්ටම ඉහළ යාම පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් ජනතාවට අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...

මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මර්දනය නියත වශයෙන්ම ජයගන්නවා – ඇමති විජේපාලගෙන් සහතිකයක්!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සදහා ආරම්භ...

FBI අපරාධ දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 21 : ඇමෙරිකානු ෆෙඩරල්...

ඉන්දියාවේ නීතිවිරෝධී මත්පැන් විෂවීමෙන් 11දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 21 : ඉන්දියාවේ ඊසානදිග...