ක්‍රිකට් ටිකට් අලෙවිය නොවැම්බර් 22 සිට

Date:

ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන ජාත්‍යන්තර එක්දින තරගාවලියේ ප්‍රවේශපත් අලෙවිය නොවැම්බර් 22 සිට ඇරඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කරයි.නොවැම්බර් 25 වන දා ඇරඹෙන තරගාවලියේ සියලුම තරග මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවත්වීමට නියමිතය.තරග 25,27 සහ 30 යන තෙදින තුළ පැවත්වීමට නියමිතය.
තරග ප්‍රවේශපත් රුපියල් 500 සිට රුපියල් 5000 දක්වා මිල ගණන් හතරක් යටතේ අලෙවිවන අතර රුපියල් 2000 සහ 4000 වූ ප්‍රවේශපත් ද එම මිල ගණන් හතරට අයත්ය.
22 වන දා සිට සෑම දිනකම ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රවේශපත් කවුළව ප්‍රවේශපත් අලෙවියට විවෘතව පවතින අතර තරග නොපැවත්වෙන දිනයන් හී පමණක් තරග පැවත්වෙන පල්ලෙකැලේ ක්‍රීඩාංගණයෙන් ප්‍රවේශපත් මිලදි ගැනීමට අවස්ථාව ඇත.බලගොල්ල අභිත ක්‍රිඩාංගණයේ ඇති ප්‍රවේශපත් කවුළුවෙන් තරග පැවත්වෙන දිනයන්හි ප්‍රවේශපත් මිලදී ගැනීමට අවස්ථාව ඇත.
මොහොමඩ් නාබීගේ ඉල්ලා අස්විම නිසා පුරප්පාඩු වූ නායකත්වයට හෂ්මතුල්ලාහ් සහිදි ගේ නායකත්වයෙන් යුත් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර ඇති අතර තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් නම් කර නැත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...