*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ඉන්දියාවේ ජනගහන වර්ධන වේගය චීනය ඉක්මවනු ඇත.

2050 වන විට ගෝලීය ජනගහනයේ ප්‍රක්ෂේපිත වැඩිවීමෙන් අඩකට වඩා සිදුවනු ඇත්තේ රටවල් අටක පමණි. එනම් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඊජිප්තුව, ඉතියෝපියාව, නයිජීරියාව, පකිස්ථානය, පිලිපීනය, ටැන්සානියා එක්සත් ජනරජය සහ ඉන්දියාවයි.

ඉන්දියාවේ දැනට බිලියන 1.39 කට අධික ජනතාවක් වාසය කරන අතර ඊට සාපේක්ෂව චීනයේ ජනගහනය 1.41 කි. සෑම දිනකම ඉන්දියාවේ ළදරුවන් 86,000 ක් සහ චීනයේ 49,400 ක් උපත ලබනු ඇත. ඉන්දියාවේ ජනගහන වර්ධන වේගය, උතුරු දකුණු බෙදීමත් සමඟ බරපතල සමාජ ආර්ථික හා දේශපාලන ගැටලු මවමින් ඇත.


මෙම වර්ධනය ඉන්දියාවේ සම්පත්, ආර්ථික ස්ථාවරත්වය සහ සමාජයට විශාල පීඩනයක් එල්ල කරනු ඇති අතර, එහි ප්‍රතිවිපාක එහි දේශසීමාවෙන් ඔබ්බට ළඟා වනු ඇත. දේශගුණික අර්බුදයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස, දැනටමත් වසරේ 80% ආන්තික කාලගුණික සිදුවීම් සමඟ පොරබදමින් සිටින අතර, ජලය වැනි සම්පත් අඩුවීම ඉන්දියාවේ අනාගත ජනගහනය කෙබඳුදැයි තීරණාත්මක සාධක බවට පත්විය හැකිය.

කාන්තා වන්ධ්‍යාකරණය තවමත් ඉන්දියාවේ බහුලව භාවිතා වන උපත් පාලන ක්‍රමයකි.එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, සෑම වසරකම ඉන්දියාවේ අනවශ්‍ය ගැබ්ගැනීම් මිලියන 10 ක් සිදු වේ. ඉන්දියාවේ ගබ්සාව නීත්‍යානුකූල වනමුත් එය මේ වසරේ තනිකඩ කාන්තාවන් සඳහා පමණක් නීතිගත කර ඇත. ජනගහන වර්ධනයට පාපේක්ෂව සෞඛ්‍ය සේවකයින් ගෙයින් ගෙට ගොස් උපත් පාලන ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කරමින් සිටින බව වාර්තා වේ.

ඉන්දියාවේ තරුණ ජනගහනය ඉතා සීඝ්‍රයෙන් ඉහළ යන අතර මේ වන විට මිලියන 360කට ආසන්න ප්‍රමාණයක් ඇති බව වාර්තා වේ. ඔවුන්ගෙන් බහුතරයක් නුපුහුණු අය වන අතර, ප්‍රමාණවත් තරම් පාසල්, විශ්ව විද්‍යාල, පුහුණු නොමැත. ප්‍රමාණවත් රැකියා නොමැති අතර තරුණ විරැකියාව 23% ක් වන අතර උපාධිධාරීන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් රැකියාවල නිරත වේ. කාන්තා සාක්ෂරතාවය වර්ධනය වන අතර, ඉන්දියාවේ ශ්‍රම බලකායට සහභාගී වන්නේ කාන්තාවන්ගෙන් 25% ක් පමණි.

උත්තර් ප්‍රදේශ්හි පමණක් රැකියා විරහිත තරුණ තරුණියන් මිලියන 3.4කට වඩා සිටිති. මෙම වසර මුලදී, ඉන්දීය දුම්රිය සේවයේ තනතුරු 35,000ක් සඳහා මිලියන දොළහකට අධික පිරිසක් අයදුම් කිර තිබිණ. එමෙන්ම ගුරු රැකියා හිඟය සහ ප්‍රාන්ත සිවිල් සේවයේ නිලධාරි තනතුරු සඳහා මිලියනයකට අධික පිරිසක් දැන් අයදුම් කරති. අවශ්‍ය තරම් රැකියා නොමැති වීම හේතුවෙන් බිහාරයේ කැරළි පවා ඇතිව තිබේ.

මෙම තරුණ ජනගහණය පිළිබඳව ඉන්දියාවේ Population Foundation India හි විධායක අධ්‍යක්ෂ Poonam Muttreja පැවසූයේ මොවුන්ගේ දායකත්වය රටේ සංවර්ධනය වෙනුවෙන් තවදුරටත් දායක කර ගත හැකි බවයි. නමුත් අපට ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නම් නව යොවුන් වියේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ලිංගික සෞඛ්‍යය සඳහා අපි වහාම ආයෝජනය කළ යුතුය. ජනගහන විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ මහාචාර්ය අපරාජිත චටෝපාධ්‍යායි පවසන්නේ ඉන්දියාවේ ජනගහනයෙන් 10% කට වඩා වයස්ගත වන අය සිටිනු ඇත, එය අපගේ සන්දර්භය තුළ විශාල සංඛ්‍යාවක් බවත්, එය රැකියා සම්බන්ධයෙන්, සමාජ ආරක්ෂණය සම්බන්ධයෙන් සැලකිය යුතු ගැටළු ඉදිරිපත් කරනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_OBT

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan