*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

අවුරුදු 18 න් පහළ බාලක සහ බාලිකා හොකී මාතර උයන්වත්තේ දී – අයදුම්පත් භාර දීමට WhatsApp ද විවෘතයි

ගෝලිය වසංගතයක් බවට පරිවර්තනය වී තිබුණු “කොවීඩ් – 19” තත්ත්වය හමුවේ පසුගිය වසර දෙකක කාලය තුළ දක්නට නොලැබුණු වයස අවුරුදු 18 න් පහළ බාලක සහ බාලිකා තරගාවලිය මෙවර, නොවැම්බර් මස 28.29.30 සහ දෙසැම්බර් 01 යන දිනවල මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් මෙවර තරඟ මාලාව පැවැත් වීමට සංවිධායකයින් වන ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය තීරණය කර තිබේ.මෙවර තරගාවලිය සඳහා අදාළ සුදුසුකම් සහිත කණ්ඩායම්වලට සිය ඉල්ලුම් පත්‍රව වටස්ඇප් හරහා ද යොමු කිරීමට පහසුකම් සළසා ඇත.
තරග නොපැවත් වූ කාලය සැළකිලලට ගෙන 2005 ජනවාරි මස 01 දින සිට 2006 දෙසැම්බර් මස 31 දින දක්වා උපත ලබා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවර තරගාවලියට සහභාගී විය හැකි බව පාසල් හොකී සංගමය නිවේදනය කර සිටියි. 2005 සහ 2006 දෙවසර තුළ උපත ලබා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොමැති පාසල් වෙත්නම් 2007 සහ 2008 යන වර්ෂයන්හී උපත පබා ඇති ක්‍රීඩකයින් හෝ ක්‍රීඩීකාවන් 08 දෙනෙකු උපරීම වශයෙන් මෙවර කණ්ඩායමට ඇතුළත් කිරීමට අවස්ථාව ලබාදී තිබීම විශේෂත්වයකි.
සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවක්ම තම අනන්‍යතාව තහවුරු කිරීම උදෙසා උප්පැන්න සහතිකය සමග ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය විසින් නිකුත් කරන ලද හැඳුනුම් පත හෝ ජාතික හැඳුනුම් පත හෝ තැපැල් හැඳුනුම් පත හෝ විදේශ ගුවන් ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන අතර සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ම පාසලේ ඉගෙනුම ලබන බව සනාථ කිරීමට එම කණ්ඩායම බාරව පැමිණෙන ගුරු මහත්ම මහත්මින් බැඳී සිටිය යුතුය.

මෙවර බාලක තරගාවලියේ මූලික වටය කාණ්ඩ 08 ක් යටතේ ලීග් ක්‍රමයට ද බාලිකා තරගාවලියේ මූලික වටය කාණ්ඩ 04 ක් යටතේ ලීග් ක්‍රමයට ද ක්‍රියාත්මක කෙරෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමය භාවිත කිරීමට නියමිතය. සියලුම අයදුම්පත් නොවැම්බර් මස 23 දින හෝ ඊට පෙර ලැබෙන පරිදි අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා, ගරු ලේකම්, ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය, විජය විද්‍යාලය, මාතලේ යන ලිපිනයට යොමු කළ යුතුය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan