Wednesday, November 30, 2022
spot_img

Latest Posts

කාබනික පොහොර සමාගමක් වහාම අසාධු ලේඛනගත කෙරේ

ප්ලාස්ටික් බෝතල්වල අසුරා කාබනික දියර පොහොර සපයන ලද කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් වහාම අසාධු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව එම පොහොර සමාගම කාබනික දියර පොහොර සපයා ඇත්නම් කිසිදු ගෙවීමක් සිදුනොකරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

ප්ලාස්ටික් ඇසුරුම්වල කාබනික දියර පොහොර ඇසිරීමෙන් විවිධ ව්‍යාධිජනක හටගැනීමේ හැකියාවක් ඇති නිසා කාබනික දියර පොහොර ප්ලාස්ටික් ඇසුරුම්වල ඇසිරීම තහනම් කිරීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය නිර්දේශ කර ඇත.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.