*
Friday, April 26, 2024
spot_img

Latest Posts

සංගා නිදහස් කර යෙහෙළිට ඇණ ගැසීම

යෙහාලි සංගක්කාර ආගමික නිකායක ප්‍රචාරන වීඩියෝවක් වෙනුවෙන් කරන ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ සමාජ ජාලා බෙදා ගනිමින් සිටින පෝස්ටුවේ ඇත්තේ එවැන්නකි.එයින් යම් ආකාරයකට සංගක්කාර පව්,ගෑණි ඌව කනවා වගේ අදහසක් ද මතු වන්නේය.ඒ කියන්නේ තේරෙන භාෂාවෙන් කිව්වොත් “සංගා බබා” ය.පව් ය.
ඇත්තටම කවුරුන් හෝ කුමන හෝ ඇදහිල්ලක් කිරීම,විශ්වාසයක් දැරීම ගැටළුවක්ද?
එසේ වන්නට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම නොහැකිය.ඒ පුද්ගල අයිතියක්ය.නමුත් ආගමක් යැයි කියා යම් බලපෑමක් බලහත්කාරතමක් කරන්නට ද නොහැකිය.යෙහාලි මේ ප්‍රචාරන වීඩියෝව අත අරින්නේ ක්‍රිකට්වලට එම ආගමික නිකාය බලපෑම් කරන බව කියන වට පිටාවකය.
කලෙකට පෙර මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයින් ඉලක්ක කරගෙන චෝදනා එල්ල වෙද්දී පෞද්ගලිකව දැරූ මතය සහ පෙනී සිටි මතය වූයේ එය ක්‍රීඩකයාගේ අයිතියක් බවය.නමුත් ක්‍රිකට් පවතින්නේ ආගමික යාඥාවන්ගෙන් බව ක්‍රීඩකයෝ හරහා ද ඔවුන්ගේ බිරින්දෑවරු හරහා ද සමාජගත කරන්නට උත්සාහ කරන මතය සමාජය මත පටවන අනිසි බලයක් බව සිතිය හැකිය.
සංගක්කාර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පිවිසෙන්නට පෙර මතකයේ හැටියට දකුණු අප්‍රිකානු සංචාරයකදී විවේචනයට බඳුන් විය.ඊට හේතු කාරණා දැක් වූ විකල්ප පුවත්පතකට,පසුකලෙක ඔහුගේ පියා එවූ සටහනකින් කීවේ ඒ වන විට දක්වන දස්කම්වලට එම විවේචනය හේතු වූ බවත්,ඒ නිසා සංගක්කාර ගැන වැඩි අවධානයකින් රැක ගත් බවත්ය.එසේම පහරවල් පුරුදු වීමට සංගක්කාරට එම පියා දක්වා ඇති සහයෝගය සහ උපකාරයද මීට කලෙකට පෙර ලියැවී තිබිණ.
නමුත් යෙහාලි මේ ප්‍රචාරන වීඩියෝව හරහා ඒ සියල්ල දෙවියන්ට දෙන්නේය.දරුවන්ද දෙන්නේය.ගෙදර බල්ලා ද දෙන්නේය.යෙහාලි සංගක්කාරට උපතේ සිටම හමු වූවේ ද?ඔවුන්ගේ මව්පියන් කිසිවක්ම කර නැද්ද?එසේත් නොමැතිනම් යෙහාලි සිය ආගමේ හොඳ බැතිමතෙක් වන දිනක් එන බව දැක,සංගක්කාර ඇයගේ සැමියා ද වන බව දැන දෙවියන් සංගක්කාරට එම අවස්ථාව ලබා දුන්නේ ද?
විශ්වාසය ලංකාවේ බොහෝ විට රැඳෙන්නේ මුදල් මත ය.මේ ආගම් හා එකතු වන්නේ බොහේ විට නැති බැරි පුද්ගලයන්ය.ඒ අවශ්‍යයතාවය වෙනුවෙන් යෙහාලිලා පෙනී සිටින්නේ ඇඩ්වලටය.ගමේ පන්සල කරන්නේ මිනිස්සු නිවන් දක්වන්න යැයි කියමින් ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයට බාධා කිරීම්ය.ගමට සෙත් වේවා කියා ප්‍රචාරය කර දිනපතා හවස සහ උදෑසන මිනිසුන්ගේ නිදහස ශබ්දවාහිනීවලින් උඳුරා ගැනීමය.පුළුවන් තරම් සංඝයා සහ පන්සල්වලට සුඛෝපභෝගී ජීවිත අත් කර දී මරණයෙන් මතුව සුගතිගාමී වෙන්නට උපදෙස් දීමය.නොකා හෝ ගෙදර තිබෙන හාල් හුණ්ඩුව මේ ආත්මයේ නැති සැපතක් පතා සාංඝික කරන්නට මිනිස්සු පෙළැඹෙන්නේ ඒ නිසාය.
ඒ තත්ත්වයෙන් මෙපිට පැමිණ මේ ආත්මයේ ජිවිතයට සතුට රැඟෙන එන මිනිස් දෙවිවරු හමුවන්නේ අන්න ඒ හිස් තැනේදී ය.ඔවුන් බඩ කට පුරවයි.අදින්න පළදින්න දෙයි.යෙහාලිලා වැන්නන්ගේ කතා විශ්වාසයට ගනියි.කඩා වැටුණු අසාර්ථක වුණ ජීවිත ආගම සේ අල්ලාගන්නේ දර්ශනයක් නොවේය.බලාපොතේතුය.අදට වඩා හොඳ හෙටක් එහෙම නැත්නම් මේ ආත්මයට වඩා හොඳ මතු ආත්මයක් වෙනුවෙන් ජිවත්වීම මිස දාර්ශණික අදහස් ගැන තර්ක සඳහා බඩ විසින් හිත ඉතුරු කර ගන්නට ඉඩ තබා නැත.ඒ අපේ දේශපාලනය විසින් මේ මිත්‍යාවන්ට ඉඩ හදන හැටිය.
කවුරුන් හෝ පට්ට කෙබරයක් පත බා නාග ලොවින් ආ නයෙක් නොව දෙපත් නයෙක් කිව්වත් අනේ අදට වඩා හෙට අපේ හොඳ වෙයි කියා සිතන්නට මිනිස්සු පෙළඹෙන්නේය.කියන එකාට ලැබෙන පඬුරු,පිරිකර වස්තුව ධනය හැර විශ්වාස කරන එවුන්ට ලැබෙන කෙජ්ජක් නැත.ඒක යෙහාලිගේ කතාවේදී ඊට වසඟ වන්නන්ගේ නයාගෙ කතාවේදි නයා ගැන විශ්වාසය තබන්නන්ගේත් හිමිකමය.
ක්‍රීඩාව යනු ඊට වඩා විද්‍යාත්මකය.තාක්ෂණික මැණුම් සහිතය.එක මෘදුකාංගයක් මඟින් සියලු වැරදි සොයා ගන්නට හැකි තරමට විද්‍යාව සහ තාක්ෂණය ක්‍රීඩාව හා බැදී ඇත.කුමන ක්‍රීඩාවකදි වුව ශක්තිය හීන සහ උපරිම තැන් හඳුනාගන්නට හැකියාව ඇත.තරගයකදී කණ්ඩායමෙන් කණ්ඩායමට වෙනස් සැළසුම් ගෙනෙන්නේ ඒ කණ්ඩායම සම්බන්ධ හැදැරීමකින් ඉනික්බිතිවය.මේ ඇත්ත එක්ක ජීවත්වෙන ගමන් ලකුණෙන් ලකුණට කුරුසිය ගසා ගන්නා,පන්දුවෙන් පන්දුවට කුරුසය ගසා ගන්නා අය මෙන්ම කුමන හෝ සාර්ථකත්වයකදී අහස බලා කුමන හෝ බලවේගයකට එම දක්ෂතාවය පවරන්නන්ගෙන්ද ක්‍රිකට් පිටියේ හිඟයක් නැත.
මේ තත්ත්වය වැඩිපුරම දකින්නට ඇත්තේ ශ්‍රී ලංකාව ද ඇතුළුව දකුණු ආසියාතික රටවලය.මේ සියල්ල සිඳුවෙද්දී අත්වල බැඳුණු පිරිත් නූල් මෙන්ම කරවට වැටුණු සුරද අපේ ක්‍රීඩකයන් සතුය.සමහර විට ඉණේ ද තිබෙන්නට හැකිය.නැත්නම් කුරුසය.එක එක මෑණිවරු ඇතුළු සන්නාසියනිගේ ආශිර්වාද නූල්ය.මේ තත්ත්වය දෙවියන්ට වඩා කණ්ඩායමේ පුහුණුකරු,තමන්ගේ විශ්වාසය සහ දත්ත විශ්ලේශක මඟින් දැනෙන යථාර්තය ඔවුන් විශාවස නොකරන්නේ මන්ද?
රටේ හැඩේ එබඳුය.දේශපාලනය ආගම සහ මිත්‍යා මත මත මිනිස් ජිවිත සංතෘප්ත කරන්නට හැකිය යන මතයට නිදහසේ ගලා යන්නට ඉඩ හැර ඇත.එවිට උත්සාහය සහ ශ්‍රද්ධාව නොනැවතී එකට ගමන් කිරීම සිඳු වෙයි.සමහර ආගමික නිකායන්ගෙන් ආධාර උපකාර ද ලැබෙයි.ඒ සමාජය ඇතුළේ තමන් ගැන විශ්වාසය නැති මිනිසුන්ට අලෙවි කරන දේ විකිණීමට ව්‍යාපාරිකයෝ මෙන්ම දේශපාලනඥයන්ද එකතු වී වෙළඳ ක්‍රමය තුළ ක්‍රීඩාවට නොව කිසිඳු දෙයකට ඊට අනුගත හැඩයෙන්ම පවතින්නට ඉඩ නැත.
යෙහාලි කරන්නේ ඒ හිස් තැනට අවශ්‍යය වෙළදාමේ ඒජන්තවරයෙක් වීමය.එය සංගක්කාර නොදැන වන දෙයක් නොවේය.ඒ ව්‍යාපාරයට ක්‍රිකට් අත්පත් කර ගන්නට හදන කතාව පිළිබඳ විශ්වාසය පළල් වන බව හිතෙන්නේ යෙහාලි පමණක් මේ කතාව පිටුපස ඇති බව සිතිය නොහැකි නිසාය.නියෝජනය පුළුල් වුවහොත් සහ කණ්ඩායමේ වැඩි දෙනෙක් ඊට අනුගත සහ සාර්ථක ආර්ථීක පසුබිමක සිටින බව දැණුන විට යෙහාලිට බනින පිරිසට සමානම හෝ ඊට වැඩි වූ අසරණ පිරිසක් යෙහාලිගේ දෙයියන්ගෙන් බඩ පුරවා ගන්න දෙයක් ඉල්ලා ගන්නට සූදානම්ව ඇත.
නමුත් ක්‍රීඩාව මේ කිසිවක් නොමැතිව එහි හැඩයෙන් මිනිස්සුන්ට සතුට ගෙනෙන්නට පවත්වාගෙන යා යුතුය.එය කුමන හෝ ඇදහිල්ලක ප්‍රතිපලයක් සේ සිතන්නට ඇති ඉඩ වසා දැමිය යුතුය.එක එක පාදිලිවරුන් හෝ වෙනත් යම් සිවිල් බලයක් සහිත චරිත දේව හාස්කම්වලින් ක්‍රිකට් පවතින බව හෝ දිනන බව සිතන්නට ඇති ඉඩ වසා අහුරා දැමිය යුතුය.එය පාදිලිවරුන්ට,කටටඩිවරුන්ට හෝ මෑණිවරුන්ට පමණක් නොව බත්තරමුල්ලේ සීලරතන වැනි විවිධාකාර හැඩයේ සියලු පැවිද්දන්ට අදාළය.
දවසින් දවස ක්‍රීඩාවේ පැවත්ම සහ සාර්ථකත්වය මිනිස් සිරුර ඉක්මවා යමින් විද්‍යාව සහ තාක්ෂණයේ පලයන් වෙත නැඹුරු වෙමින් ඇත.ඇත්ත එයය.ක්‍රීඩාව ඉදිරි ගමනක යන්නේ ද,ක්‍රීඩාව පවතින රටක් පෙරට යන්නේ ද ඒ පර්යේෂණාත්මක ප්‍රතිපල භුක්ති විදීමේ වපසරිය පළල් වීමෙන්ය.එය දේව හාස්කමක් වෙත පැවරෙන්නට ඉඩ හැරිමෙන් පරාජය වන්නේ මිනිස් බුද්ධිය ය.දියුණු කරන ලද මිනිස් බුද්ධියේ පලයන්ගේ කීර්තිය මිත්‍යාවේ නූගත්කමට යටත් වෙන්නට දීම නුසුදුසුය.එය යෙහාලිට මෙන්ම වෙනත් ආගමික සහ ජ්‍යොතිශය හෝ වෙනත් සන්නාසිවරුන්ට ද යටත් කර ගන්නට ඉඩ නොදීම රටේ පුරවැසි වගකීමක්ය.නමුත් ඒ මිත්‍යාවන් දිගේලි වන්නට දේශපාලනය ඉඩ හරිමින් බලා සිටින්නේ තමන්ගේ යුතුකම් මිනිසුන්ගේ හීන කොට ඒවා ඉටු කර ගැනීමේ හාස්කම් විජ්ජාවන් ආගමික පැව්ද්දන් සහ ජ්‍යොතිශයකරුවන් ද,විවිධ වර්ගයේ සන්නාසියන්ද පවරා ගන්නා බැවින්ය.ඒ නිසා මේ බොරු සමාජගත වීමේ විශාලත්වය වර්ධනය වන්නේ අසමත් දේශපාලන ඛේදයක් විලසටය.
ඒ හීන අස්සේ යෙහාලි පමණක් නොව කඨින චීවරයේ සිට විවිධ ආගම්වල ප්‍රදර්ශනාත්මක හැසිරීම් අඩංගුවන අතර යෙහාලිගේ නයා ඇරීම මෙන්ම කැළණියේ නයා පෙන්නීම ද සමාජය නොමඟ යවන ප්‍රමාණයට සාපේක්ෂව ක්‍රීඩාවද නොමඟ යන බව සිතිය යුතුය.ක්‍රීඩාව තේරුම්ගත් පුරවැසියෙක් මෙන්ම දේශපාලනය තේරුම්ගත් පුරවැසියෙක්ද යන්නත් මීට වඩා පුළුල් ඉඩක මුසු වීම වැදගත්ය.එතකම් මිත්‍යාව ක්‍රිකට් ගසනවා පමණක් නොව ඔබේ සෑම කොටසකටම ගැසිම නොනවත්වා සිඳු කරනු ඇත.
යෙහාලි මාතෘකාව වී දෙවියන් ප්‍රදර්ශනය වී ඇත.එහෙත් මේ සියල්ලේ මැවුම්කාරයා දෙවියන් නොව සංගක්කාරගේ ක්‍රිකට් යන්න තේරුම් ගතහොත් ඔවුන් ගොඩ දැමූ ක්‍රිකට් ඔවුන් අතින් වැළලෙන්නට නොදී රැක ගැනීමට හැකි වනු ඇත.ක්‍රීඩකයාගේ ඇදහීමේ අයිතියට නොව සංගක්කාරලාට ක්‍රීඩාව පාලනයට ඇති අයිතිය සීමා නොකළහොත් ක්‍රීඩා ඇමතිත් දෙවියන්ගේ රූකඩයක් පමණක් වනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan