යෙහාලි හට වැරදුණේ කොතැනද?

Date:

කුමාර් සංගක්කාරගේ බිරිඳ යෙහාලි සංගක්කාර ‘බෝර්න් අගේන්‘ ක්‍රිස්තියානි නිකායේ ප්‍රචාරාත්මක වැඩසටහනකට එක්වෙමින් සිදු කළ කතාවක් සමාජ මාධ්‍ය තුළ පැතිර පවතී.

ඇය එහිදී මෙසේ පවසන්නීය.

“මම උපතින් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි, දැන් මම අලුත් නිකායේ.. මට වයස 17දී කුමාර් හම්බ වුණා. අපි පස්සෙ බැන්දා. එයා ඉක්මණට උඩට ගියා. එයා හොඳම බැට්ස්මන් වුනා. මං දන්නවා ඒ සියල්ල වුනේ අපි ප්‍රේ කරපු නිසා. කුමාර් අවුරුද් 15 ක් ක්‍රිකට් ගැහුවා. ඒ කාලේ සියලු දේවල් ඔහුට ලැබුනා. මං දන්නවා මේ දේවල් අපි තනියම නෙමේ කළේ දෙවියන්ගේ උදව් නිසා. T20 වර්ල්ඩ් කප් එකේ සංගා පර්ෆොර්ම් කළේ මම ප්‍රේ කරපු නිසා, අපිට හැමදේම දුන්නේ ජීසස්. මං දන්නවා මගේ අම්මගෙ බඩට මං ආවෙ ජීසස් නිසා…

මං ප්‍රේ කරලා ලෙඩ වුනු දරුවො පවා සනීප කළා. එක දවසක් හොදටම වැස්සා, අපේ දරුවා බය වුනා, අපි ප්‍රේ කළා. එකපාර වැස්ස නැවතුනා. මගේ බල්ලට ලෙඩ වුනාම දුව ප්‍රේ කරපු නිසා බේරිල තියනවා.

අපේ ජීවිතයේ ක්‍රිකට් යාලුවන්ට ප්‍රශ්න ආවම දණ ගහලා ප්‍රේ කරලා ඔවුන්ගේ ප්‍රශ්න විසඳුවා. මම ඔබට කියනවා ඔබ අදම ජීසස් ඉන්නවා කියලා විශ්වාස කරලා ජීසස්ට කතා කරන්න, ජීසස් ඔබට කතා කරයි.”

“මං කියල තියනවා දෙවියන් වහන්සේට සාව යූස් කරන්න තව කෙනෙකුගේ කරදරේ නවතන්න. දවසක් මං පාරෙ යද්දි හරි දුකින් යන ගෑනු කෙනෙක් හම්බ වුණා. මං වාහනේ නවත්තල කතා කරා. එයා කිව්වා මහත්තයා හිරේ ගියා කියලා. මං ගෙදර ගිහාම ජීසස් කියනවා මෙතැනින් ඉවර නැහැ කියලා. මට පහුවදාත් හම්බවුණා. මං එයාගෙන් ෆයිල් නම්බරේ ඉල්ල ගත්තා. මෙයා වැරදි කරල නෙමේ.. මිනියක් මරලා කියල හිරේ ගියාට කෙනෙක්ව ආරක්ෂා කරන්න ගිහින් වෙලා තියෙන්නෙ. මං ප්රේ කරපු නිසා එයා බේරුණා.”

? ආදරණීය යෙහාලි …

මම ඔබෙන් ඉල්ලන්නේ එක් දෙයයි……….

හැමදේම දණනමල අපට වෙනස් කරන්න පුළුවන්. අද දෙවියන් ඉන්නවා අපිට කතා කරන්න පුළුවන්…

ඔබේ දෙවියන්ට පවසන්න…මේ ලෝකේ බඩගින්නෙ ඉන්න හැමෝම ඒ ගින්නෙන් නිවන්න කියලා.. දුප්පත් අය පෝසත් වෙන්න කියල ඉල්ලන්න.. තව ලෙඩ වෙලා ඉන්න අය හැමෝම සුව කරන්න..මේ ලෝකේ මිනිස්සු හැමෝටම සැප සම්පත් සමානව ලැබෙන්න කියන්න… පුලුවන්නම් අමරණීය වෙන්න කියන්න..

අන්න එදාට හැමෝම ඔය කියන කතා විශ්වාස කරයි…

මා දන්නා ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ මැජික් කරන්නකු නොවේ, ජේසුතුමන් කිව්වේ මා අනුව එන්න කැමති අය තම කම නසා කුරුසිය දරාගෙන මා අනුව එන්න කියලා, අන්අය වෙනුවෙන් යාඥා කරන එක ගොඩක් හොඳයි, ක්‍රියා විරහිත ඇදහිල්ල මළ ඇදහිල්ලක් කියලා ජේසුතුමන් කියනවා, වචන වලට වඩා ක්‍රියාවෙන් ජේසුව ජීවත් කළ යුතුයි.

? ජීවිතේ ඉපදෙන මැරෙන,ලෙඩ වන දුක් විදින, ඒ වගේම සැප සතුට ඇති මේ ජීවිතයේ අපි දෙවියන්ගන් ඉල්ලිය යුත්තේ, ප්‍රඥාව,තේරුම් ගැනීම, ධෛර්‍යය වැනි ගුණාංග වේ,

සෑම පුරවැසියකුට ම, එකලාව (තනිවම) හෝ අන් අය සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව, තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශකිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය” -1978 ආණ්ඩුක්‍රම වව්‍යවස්ථාව 14(1) (ඉ)

මෙය අයිතිවාසිකම එක් ආගමකට පමණක් හිමිවූවක් නොව පුරවැසි සෑමකෙනෙක්ම අදහන, විශ්වාස කරන සියළු ආගම්වලට හිමි වන අතර 15 (7) සීමා කිරීම්වලට පමණක් යටත්වේ.

එය ක්‍රීඩකයකුට සහ පවුලේ අයට මෙන්ම දේශපාලකයකුට මෙන්ම පවුලේ අයට ද සාමාන්‍ය පුරවැසියන් වන අපි හැමටම ඇති අයිතියකි. පිළිගැනීම නොගැනීම අප සතු දෙයකි. විවිධ ආගම් සහ විශ්වාස ප්‍රචාරණයන් සිදු කරන අතර (අතීතයේ පටන්ම) එය සාමාන්‍ය වෙළඳ ප්‍රචාරණයට එහා ගොස් ඇත. සාමාන්‍ය ප්‍රචාරණයක්දී පාරිභෝගිකයා මිලක් ගෙවා අදාළ දේ මිලට ගත යුතු අතර ආගම් ප්‍රචාරණයේදී බොහෝවිට (ආසියාතික වෙළඳපොල තුළ) ඔබට යම් ආකාරයක ප්‍රතිලාභයක් ලැබෙනු ඇත.

එහෙයින් ඔබ වෙළඳ දැන්වීම්වලට හසුවන ප්‍රජාවක් (add mass) නොවී සිටිය හැකි නම් එය ඔබේ දක්ශතාවයයි.

භෞතික අවශ්‍යතා බොහෝසෙයින් සපුරාගත් රටවල පිරිසක් අධ්‍යාත්මය සොයා යන අතර අප වැනි භෞතික අවශ්‍යතා සපුරානොගත් රටවල අය බොහෝවිට ඒවාට විසඳුම් දෙනවායයි කියන තැන් ඇතැයි සිතා ඒ වෙත යන්නේය. මෙය සොබාදහමේ සංවරණ හා තුළනයයි. බුද්ධිමත් පිරිස අවබෝධ කර ගනීවි..

රෂිකා හෙන්නායක
2022.11.21

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය