Saturday, December 3, 2022
spot_img

Latest Posts

සුදුස්සාට සුදුසු තැන නොලැබීමේ ප්‍රතිවිපාක ගැන කියන මහබැංකු අධිපති!

ලෝකයේ සෑම රටක්ම දියුණුවේ මාවත කරා ඉදිරියට ගොස් ඇත්තේ එම රටවල අදාළ සියලු දේ සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් අදාල කාර්‍යන්හි නිරත වන බැවින් බවත්, එහිදී ක්‍රීඩාවද, ආර්ථිකයද, දේශපාලනයද යන ඕනෑම අංශයක සාර්ථකත්වය දැකිය හැක්කේ එවිට බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

රටක ඉහළින්ම සිටින එනම්, රටක ප්‍රතිපත්ති සහ තීරණ පිළිබඳ ඉතා සැලකිලිමත් විය යුතු අතර, එදා සිට අද දක්වා එසේ විධිමත් ලෙස කටයුතු කලේ නම් අද රට මෙවැනි ආර්ථික අර්බුදයක් දක්වා ගමන් කිරීම වළක්වා ගැනීමට තිබූ බව නන්දලාල් මහතා පවසයි.

ඕනෑම කටයුත්තක් සාර්ථක කර ගැනීමට නම් සාමූහික ප්‍රයත්නයක තිබිය යුතු අතර, මෙවැනි අර්බුධකාරී අවස්ථාවක රටේ ආර්ථිකය මෙහෙයවන පිරිස, යම් ප්‍රධාන කාර්‍යන් නියෝජනය කරන පිරිස, තීරණ ගන්නා පිරිස, ප්‍රතිපත්ති සාදන අය, ඒ කාර්‍යට දක්ෂ හා නිපුනත්වයෙන් යුත් පිරිසක් වූවා නම් එම කාර්‍යන් දිගුකාලීන ලෙස ක්‍රියාත්මක කරන්නේ නම් අද ශ්‍රී ලංකා ආර්ථිකය මෙවන් ඉරණමකට පත් නොවීමට තිබූ බව පවසන මහබැංකු අධිපතිවරයා, එසේ වූයේ නම් ගතහැකි හොඳම සහ සාර්ථක තීරණ ගෙන අනෙක් දියුණු රටවල් සමඟ එක හා සමාන ගමනක් යෑමට අප රටට ද හැකියාව තිබූ බවට අවධාරණය කරයි.

එසේ නොවී අදක්ෂයාට සහ නුසුදුස්සාට රටේ ප්‍රධාන තැන් හිමිවූ විට, දක්ෂයාට සුදුසු ලෙස ඉදිරියට යාමට නොහැකි පරිසරයක ක්‍රීඩාවද, දේශපාලනය ද ආර්ථික වර්ධනයක් ද කිසිවක් සාර්ථක නොවේ. අද රටේ තත්ත්වය අනුව ඉතා අසීරු කාලයක් ගමන් කරමින් සිටින අතර මෙයින් ගොඩඒමට එතරම්ම පහසු දෙයකුත් නොවේ,” නන්දලාල් මහතා පවසයි.

ජනප්‍රිය නොවන ඉතා අසීරු තීරණ ගැනීමේ දී යන් පිරිසකට එය හානිකර ලෙස බලපෑම් සිදුවන බවත්, එම පීඩන තුළින් යම්කිසි දෝෂාරෝපණ ඇසීමටද තීරණ ගන්නා පාර්ශවයන් හට සිදුවන අතර, කෙතරම් දෝෂාරෝපණ ආවත් තමා ගන්නා තීරණ නිවැරැදි නම්, සුදුස්සකු සහිත දැනුමැති අයකු ණම්, නම්බාහිර පාර්ශවයන් කෙතරම් කෑ ගැසුවද ඒවාට හිස නොනමා අදාල තීරණය මත සිට කටයුතු කිරීමට පන්නරය තිබිය යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.

එබැවින් ජනප්‍රිය නොවන අපහසු තීරණ ගැනීමේදී ජනතාව තේරුම් ගත යුත්තේ මෙය කෙටිකාලීනව කරන ලද තීරණ බවත්, එය දිගුකාලීන රටේ සියලු ජනතාවගේ සුබසිද්ධිය තකා සිදුවන දෙයක් බවත් පවසන මහ බැංකු අධිපතිවරයා, එයින් බලාපොරොත්තු වන්නේ හැකි ඉක්මනින් මෙයින් ගොඩාඇවිත් යතා තත්ත්වයට ගැනීම පවට අවධාරණය කළේය.

ජනතාව මෙන්ම, රටේ සියලු අංශ එකට එක්ව කටයුතු කිරීනෙන් මේ තත්ත්වය සාර්ථක කරගැනීමට හැකි බව අවසාන වශයෙන්ම ඔහු කියා සිටියේය.

රෂිකා හෙන්නායක
2022.11.21

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.