ඉතිහාසේ පළවෙනි වතාවට තෙල් මිලදී ගැනීමේදී සිංගප්පූරු අගයට එකතු කළ අගය ඩොලර් 30 වෙලා!

Date:

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳපොලින් තෙල් මිලදී ගැනීමේදී ජාත්‍යන්තර මිල නිර්ණායකයක් වන “සිංගප්පූරු අගයට එකතු කළ අගය” කිසි දිනක ඇමරිකානු ඩොලර් 04 ඉක්මවා නැති බවත්, ගතවූ මාස කිහිපය තුළ තෙල් මිලදී ගැනීමේදී ඉතිහාසයේ පළමු වරට සිංගප්පූරු අගයට එකතු කළ අගය ඇමරිකානු ඩොලර් 30 වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (20) දින මීරිගම පැවති ජාතික ජන බලවේගයේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

ලෝක වෙළඳපොලෙහි තෙල් මිලදී ගැනීමේ ජාත්‍යන්තරව පිළිගත් මිල වන සිංගප්පූරු අගයට එකතු කළ යම් අගයක් හෙවත් “ප්‍රීමියම්” එකක් මත තෙල් ලබා දීමට තෙල් සමාගම් එකඟ වන අතර, මෙම ප්‍රීමියම් අගය ඩොලර් 01 – 02 වැනි ප්‍රමාණයක් ද සහිත ව විවිධ සමාගම් තෙල් ලබා දීමට ඉදිරිපත්වන බව පැවසූ ඒ මහතා, ශ්‍රී ලංකාව තෙල් මිලදී ගන්නා විට මෙම අගය ඉතිහාසයේ කිසිඳු දිනක ඩොලර් 04 ඉක්මවා නැතිව ඇති බවත් ඒ මත බැරල් ලක්ෂ ගණනින් ශ්‍රී ලංකාව මිලදී ගෙන ඇති බවත් පැවසීය.

කෙසේවෙතත්, ගතවූ මාස කිහිපය තුළ ලීටර් 159 ක තෙල් බැරලයකට සිංගප්පූරු අගයට එකතු කළ අගය ඩොලර් 30 ලෙස ශ්‍රී ලංකාව තෙල් මිලදී ගෙන ඇති බවත්, ඒ අනුව, ලීටරයක මිල රු. 68 කින් ඉහළ ගොස් ඇති බව ද අනුර දිසානායක මහතා අවධාරණය කළේය.

මේ අන්දමින් ගෑස්, ගල් අඟුරු, ඉන්ධන ආදිය නොමැතිව බරපතල අර්බුදයක් මතුවී ජනතාව පෝලිම් ගැසී දුක් විඳිමින් සිටින කාලවකවානුවක පවා ජාත්‍යන්තර වෙළඳපොලින් ලබා ගන්නා මිලදී ගැනීම්වලින් ධනය ගසා කෑමක් සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවත්, තම චෞර මිත්‍රයන්ට එම ධනය එක්රැස් කරගැනීමට ආණ්ඩුව ඉඩ ප්‍රස්තාව සලසා දී ඇති බවත් හෙතෙම චෝදනා කළේය.

එමෙන්ම, ශ්‍රී ලංකාව වර්තමානය වන විට ජාත්‍යන්තරය ඉදිරියේ ණය පැහැර හැරි රාජ්‍යයක් බවට හංවඩු ගැසී ඇති අතර, විදෙස් රටවල විශ්වාසය අහිමි කරගෙන සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැදෙන ගස්

නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW: අවුරුදු 15 න් පහළ...

ඔබාමාගේ මැතිවරණ ව්‍යාපාරයට කරන ලද නීති විරෝධී පරිත්‍යාග හේතුවෙන් ෆියුගීස් රැප් ගායක ප්‍රාස්ට වසර 14 ක සිර දඬුවමක් නියම කෙරේ,

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ග්‍රැමී සම්මානලාභී...

ගෝල්ෆේස් අරගලය මර්දනය කළේ ප්‍රජාතන්ත්‍රවාදීවයි. අරගලයේ ඉල්ලීම් තුනම දුන්නා – රනිල්

සටහන - රුවන් නෙළුගොල්ල 2022 වසරේදී තමන්ගේ පාලනය තුළ ගෝල්ෆේස්...

පකිස්ථානය ඇෆ්ගන් සටන්කරුවන් 23 දෙනෙකු ඝාතනය කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පාකිස්ථානය විසින්...