මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වු පිරිස වහාම අත්අඩංගුවට ගන්නට උපදෙස් …

Date:

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වු පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබාදී තිබේ.

අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ලේකම් ගුණදාස සමරසිංහ මහතා වෙත අදාළ උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව අදාළ භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අනවසරයෙන් ඇතුළු එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පොලිස්පතිවරයා වෙත අද (21) දිනයේ ලිපියක් මගින් පැමිණිල්ලක් සිදුකිරීමට නියමිතය.

ගොවි එකමුතුවක් යැයි කියා ගන්නා සංවිධානයක පිරිසක් ඊට අනවසරයෙන් ඇතුළු වී තිබු අතර ඔවුන් එහි සේවය කරන කෘෂි විද්‍යාඥයින් හා නිලධාරින් අපහසුතාවට පත් වන ආකාරයෙන් හැසිරි ඇති බවට අනාවරණය වී තිබේ.

එමෙන්ම මින් ඉදිරියට කිසිදු පුද්ගලයෙකුට නිසි අවසරයකින් තොරව කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කිසිදු ගොවිපොළකට හෝ පර්යේෂණ ආයතනයකට ඇතුළු වීම සඳහා ඉඩ ලබානොදීමට අදාළව ආයතන බලධාරින්ට උපදෙස් ලබාදෙමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේය.

භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට ඇතුළු වු එම කණ්ඩායම ගොවි සංවිධානයක් යැයි ප්‍රකාශ කළද එය ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ගොවි සංවිධානයක් නොවන බවට කෘෂිකර්ම අමාත්‍යංශය සිදුකළ සොයාබැලීමක දි අනාවරණය වී තිබේ.

රෂිකා හෙන්නායක
2022.11.21

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...