*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

30% කින් ඉහළ ගිය දුම්වැටි අලෙවිය …

2021 වසරේ නොවැම්බර් මස 12 වැනි දින සිට සිගරට් මත නිෂ්පාදන බද්ද ඉහළ නැංවීම හේතුවෙන්, සිගරට් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම 2021 වසරේ පළමු මාස නවයේ වූ රු. බිලියන 62.3 ට සාපේක්ෂව 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ රු. බිලියන 82.6 ක් දක්වා සියයට 32.6 කින් වර්ධනය වී ඇත.

තවද, දුම්වැටි අලෙවිය 2021 වසරේ පළමු මාස නවයට සාපේක්ෂව 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දුම්වැටි මිලියන 1,694 සිට දුම්වැටි මිලියන 2,204 ක් දක්වා සියයට 30.1 කින් වර්ධනය විය.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2023‘ හි මේ බව සඳහන් වේ.

මේ අතර ලංකා දුම්කොළ සමාගම පවසන පරිදි, 2022 මුල් මාස 09 තුළ දී සමාගම රු. බිලියන 126.44 ක පිරිවැටුමක් වාර්තා කර ඇති අතර මෙම කාලපරිච්ඡේදය සඳහා බදු පෙර ලාභය රු. බිලියන 24.21 ක් ලෙසින් වේ.

එසේම බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 14.11 කි.

2022 සැප්තැම්බර් 30 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය සඳහා ලංකා දුම්කොළ සමාගම රජයට රු. බිලියන 94.24 ක් රජයේ බදු ලෙසත්, රු. බිලියන 10.10 ක් ආදායම් බදු ලෙසත් ගෙවා ඇත.

කෙසේ වෙතත් රටේ ආදායම මෙමඟින් සමස්ථ ලෙස ඉහළ ගියද පුද්ගලය ජීවිත පිළිබඳ සතුටු විය නොහැක. මන්ද ම්‍ර්‍යින් වක්‍රාකාරයෙන් පැහැදිලි වන එකම දෙය දුම්වැටි සඳහා ජනතාව වැඩි වශයෙන් පෙළඹී ඇති බවයි. එමඟින් පිළිකා සහ වෙනත් භයානක රෝග සඳහා ගොඳුරු වීම කෙමෙන් වැඩි වනු ඇත.

රෂිකා හෙන්නායක
2022.11.21

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan