තවත් පාසලක අනතුරක්! පාසල දින දෙකකට වැසේ.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වත්තේගම බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශ ආසන්නයේ විශාල පැති බැම්මක් කඩාවැටී ඇති බව වාර්තා වේ. මේ දිනවල පවතින වර්ෂාව සහිත තත්ත්වය නිසා මෙම බැම්ම කඩා වැටීමට හේතුව බව සඳහන් වේ.

තවද, වත්තේගම ප්‍රදේශයට ඊයේ (20) පස්වරුවේ සිට අධික වැසි ඇදහැලී ඇති අතර ඒ හේතුවෙන් පාසලේ ගොඩනැගිලි රැසක්ද ජලයෙන් යටවී ඇති බවද වාර්තා වන අතර, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවත්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අද (21) සහ හෙට (22) දෙදින පාසල වසාදැමීමට බාලිකා විදුහලේ විදුහල්පතිනිය පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මෙම පැති බැම්ම කඩා වැටීමෙන් පාසල් ගොඩනැගිලි පරිශ්‍රයට හානි සිදුවී ඇත්ද හා ඉදිරියේ කොයි ආකාරයේ අවදානමක් පවතීද යන්න පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අදාළ ස්ථාන පරීක්ෂාවක් සිදුකිරීමට නියමිත බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් 32 දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ බැංකොක් සිට...

බුද්ධශාසන ඇමති ආචාර්ය සුනිල් සෙනවි වෑවිල අබලන් වැලමිටි වංගු දෙක අසල මාර්ගය නිරීක්ෂණය කරයි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල්...

අධ්‍යාපන අමාත්‍යංශය කළ හදිසි දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : අධ්‍යාපන අමාත්‍යංශය විසින්...