සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): වත්තේගම බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශ ආසන්නයේ විශාල පැති බැම්මක් කඩාවැටී ඇති බව වාර්තා වේ. මේ දිනවල පවතින වර්ෂාව සහිත තත්ත්වය නිසා මෙම බැම්ම කඩා වැටීමට හේතුව බව සඳහන් වේ.
තවද, වත්තේගම ප්‍රදේශයට ඊයේ (20) පස්වරුවේ සිට අධික වැසි ඇදහැලී ඇති අතර ඒ හේතුවෙන් පාසලේ ගොඩනැගිලි රැසක්ද ජලයෙන් යටවී ඇති බවද වාර්තා වන අතර, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවත්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අද (21) සහ හෙට (22) දෙදින පාසල වසාදැමීමට බාලිකා විදුහලේ විදුහල්පතිනිය පියවර ගෙන ඇති බව සඳහන් වේ.
මෙම පැති බැම්ම කඩා වැටීමෙන් පාසල් ගොඩනැගිලි පරිශ්‍රයට හානි සිදුවී ඇත්ද හා ඉදිරියේ කොයි ආකාරයේ අවදානමක් පවතීද යන්න පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අදාළ ස්ථාන පරීක්ෂාවක් සිදුකිරීමට නියමිත බවද සඳහන් වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇
