රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ (LNW):
මින් ඉදිරියට මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පොදු බවද සඳහන් වේ.
ධුර කාලය අවසන් වන තෙක් එම රථය යොදා ගනිමින් මහජන සේවය සිදු කළ හැකි බවත්, අධි සුඛෝපභෝගී වාහන මන්ත්‍රීවරුන්ට ලබාදීමක් සිදු නොවන බවද , අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා පැවසුවේ , ජනතාවගේ බදු මුදල් නාස්තිය අවම කිරීම සඳහා එම පියවර ගත් බවයි.