ගණිත විෂය සම්බන්ධ ගුරු ගැටලු විසඳීමට වෙබ් පෝටලයක් – මෙටාහබ්

Date:

ගණිත විෂයට අදාළව ගුරු භවතුන්ට පැන නගින ගැටලු පහසුවෙන් හා ඉක්මනින් විසඳා ගැනීමට අවකාශ සැලසෙන ක්‍රමවේදයක් ලෙස ප්‍රථම වෙබ් පෝටලය මෙටා හබ්’ (MetalHub – Mathematics Education Teacher Awareness Hub) නමින් අධ්‍යාපන අමාත්‍යාංගය එළි දක්වා තිබේ.

ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගිය දා අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණු අතර මෙම වෙබ් පෝටලයෙහි සම නිර්මාතෘන් වන්නේ, ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපදේශක ආචාර්ය ෂෙල්ටන් පෙරේරා මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ආචාර්ය ගයා ජයකොඩි මහත්මිය යි.

මෙටා හබ් එළි දැක්වීමේ අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, විශ්වවිද්‍යාල මහාචාර්ය ආචාර්යවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු සහභාගී වී සිටියහ.

http://www.meta-hub.org.lk වෙබ් ලිපිනය ඔස්සේ ගුරුවරුන්ට මෙම වෙබ් පෝටලයට පිවිස ලියාපදිංචි වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...