ගණිත විෂය සම්බන්ධ ගුරු ගැටලු විසඳීමට වෙබ් පෝටලයක් – මෙටාහබ්

Date:

ගණිත විෂයට අදාළව ගුරු භවතුන්ට පැන නගින ගැටලු පහසුවෙන් හා ඉක්මනින් විසඳා ගැනීමට අවකාශ සැලසෙන ක්‍රමවේදයක් ලෙස ප්‍රථම වෙබ් පෝටලය මෙටා හබ්’ (MetalHub – Mathematics Education Teacher Awareness Hub) නමින් අධ්‍යාපන අමාත්‍යාංගය එළි දක්වා තිබේ.

ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගිය දා අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණු අතර මෙම වෙබ් පෝටලයෙහි සම නිර්මාතෘන් වන්නේ, ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපදේශක ආචාර්ය ෂෙල්ටන් පෙරේරා මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ආචාර්ය ගයා ජයකොඩි මහත්මිය යි.

මෙටා හබ් එළි දැක්වීමේ අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, විශ්වවිද්‍යාල මහාචාර්ය ආචාර්යවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු සහභාගී වී සිටියහ.

http://www.meta-hub.org.lk වෙබ් ලිපිනය ඔස්සේ ගුරුවරුන්ට මෙම වෙබ් පෝටලයට පිවිස ලියාපදිංචි වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...