*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ලෝක පාපන්දු සභාපතිගෙ වස්ත්‍ර ලිහෙමින් ඇත.

අපි කවුරුත් සමානයි,මිනිස්සු,එකිනෙකාට ගරු කළ යුතුයි වැනි බොහෝ ගැඹුරු අදහස් උලුප්පා පෙන්නන්න උත්සාහ කළ පාපන්දු සම්මේලන සභාපති ජියානෝ ඉන්ෆැන්ටිනෝ ලෝකය එකම යායක් බවට පත්වීමට පාපන්දු යොදා ගැනීමේ අවශ්‍යයතාවය මතු කරන්නට උත්සාහ කළා.මාධ්‍ය හමුවේ ඔහු එම උත්සාහය දැරුවේ කටාරය මෙවර ලෝක කුසලානය ඇතුළත කරනු ලබන හැසිරීම ලෝක පාපන්දු සම්මේලනය ද පිළිගත් එකක් බව තහවුරු කරමින් එරට සංස්කෘතික අනන්‍යතාවයන්ට අනුගතව ගරු කරන්නට යැයි කියන්නටයි.
දැනටමත් මේ සම්බන්ධයෙන් ලෝකයේ නන් දෙසින් චෝදනාවට ලක්වන කටාරයේ මානව හිමිකම් සම්බන්ධ හැසිරීම් ආදිය සියල්ල වෙනුවෙන් ගැඹුරු අදහස් දැක්වීම වෙනුවට ජියානි තමන්ද සංක්‍රමණික මව් පියන්ට දාව උපන් පුතෙක් බව කියමින් අනුකම්පාව දිනා ගන්නට හැදුවත්,ඇත්තටම කටාරය විසින් ලෝක පාපන්දු නියෝජිතයන් අසරණ කර ඇති බවක් තමයි දැනෙන්නෙ.
ලෝක සාමය,සාමූහිකත්වය වැනි කාරණා සොයා පාපන්දුව පෙරලන්නට ආරාධනා කරන ජියානිගේ වස්ත්‍ර උනා දමමින් Al Arabiya ප්‍රවෘත්ති නාලිකාව විසින් කටාර් රාජ්‍යයට අයත් Alkass ක්‍රීඩා නාලිකාවේ ඉදිරිපත් කරන්නෙකු වන ෆයිසාල් අල්හජ්රි උපුටා දක්වමින්, දේශක ෂෙයික් සකීර් නායික් කටාර්හි සිටින බවත්, තරඟාවලිය පුරා බොහෝ ආගමික දේශන පැවැත්වීමට නියමිත බවත්ය.එය කටාර් සංවිධායකයින්ගේ ආරාධනාවකට සිඳුව ඇති බව ද සඳහන්ය.
මිනිසුන් අතර අසමඟිය ඇති කරන වෛරී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සහ මුදල් විශුද්ධිකරණය වෙනුවෙන් චෝදනා ඇති නායික්ගේ ඉස්ලාමීය පර්යේෂණ පදනම (IRF), 2016 අගභාගයේදී, විවිධ ආගමික ප්‍රජාවන් සහ කණ්ඩායම් අතර එදිරිවාදිකම්, වෛරය හෝ වෙනත් නිෂේධාත්මක හැඟීම් පතුරුවා හැරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය විසින් තහනමට ලක් කර ඇත.එම තහනමින් පසුව නායික් මැලේසියාවේ ජීවත් වන්නේය.
ඒ අනුව කටාරය සමඟ ඇති කරගත් එකඟතා මත සියල්ල සිඳුවනු ඇති බවත්,එකිනෙකාගේ සංස්කෘතික අනන්‍යතාවයන් බෙදා ගැනීමේ ඉඩක් බවට ලෝක කුසලානය පත් කරගන්නා ලෙසත් පාපන්දු සම්මේලන සභාපතිවරයා කරන ලද ප්‍රකාශවල ඇත්ත වී ඇත්තේ ඉස්ලාමීය බලපෑම්වලට යටත්ව තමන්ගේ අනන්‍යතාවයන් සඟවාගෙන පාපන්දු ලෝලීන්ට කටාරයේ කටයුතු කරන්නට බලපෑම් කිරීමය.
ආර්ජන්ටිනාවේ වාර්තාකරු ඩොමිනික් මෙට්ස්ගර් දෝහා හි කෝනිච් ප්‍රදේශයෙන් වාර්තා කරමින් සිටියදී යම් මංකොල්ලකෑමකට ලක්ව තිබෙන බව ඊයේ වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමේ දි පොලීසියේ ප්‍රතිචාරය පුදුම එලවන සුළු මට්ටමක පැවති බව ද වාර්තා විය.
පාපන්දු සභාපතිවරයා පාපන්දු ලෝලීන්ට විනෝදවීමට ස්ථාන සූදානම් කර තිබෙන බව උජාරුවෙන් කීව ද,එම ස්ථානවල ඉඩ සීමාවන් ඉක්මවා යාමේදී පොලීසිය රසිකයන්ව එම සීමාවන්ට තල්ලු කරමින් හිර කරන බවට මේ වන විට චෝදනා එල්ල වෙමින් ඇත.එය කෙතරම් දරුණු තත්ත්වයක්ද යන්න සඳහන් කරමින් ලොස් ඇන්ජලීස් හි වෙසෙන මෙක්සිකානු-ඇමරිකානුවෙකු වන ලුයිස් රෙයිස්, සති කිහිපයකට පෙර දකුණු කොරියාවේ 150 කට වැඩි පිරිසක් මරා දැමූ දර්ශනවලට මෙම තැලීම සමාන කළේය.
මේ සියල්ල සමඟ පාපන්දු සංස්කෘතියෙන් බැහර ඉස්ලාම් දේශනා සමඟ ගත කරන්නට පාපන්දු සම්මේලනය කටාරයට අවශ්‍යය පරිදි ලෝකය සිර කර දී ඇත.එම සංස්කෘතිය විඳීමද සිඳු විය යුත්තේ ඉස්ලාම් නීතියට අනුවමය.කුමන ආගමක් හෝ තමන්ගේ බලපෑම මිනිසුන්ගේ නිදහසේ සීමාව ඉක්මවා යෙදවීම අනුමත නොකළ යුතුය.කටාරය මේ මොහොතේ කරන්නේ ලෝකයට ඒ සඳහා බලපෑම් කිරිමය.එය ලංකාවේ සමාජ සිඳුවීම් ඇසුරෙන් ගත්විට කැළණියේ නයා,යෙහාලිගේ දෙවියා,සහරාන්ගේ ඉස්ලාම් ප්‍රහාරය,ආගමික ස්ථානවලින් නොනවත්වා සිඳු කරන ශබ්ද දූෂණයේ බලහත්කාරය වැනිමය.ඇලපිලි පාපිලිවලින් වෙනස්වන මේ ක්‍රියාවන් හී බලපෑම් පිටුපස විවිධ ආකාරයෙන් ඊට ආශිර්වාද කරන බලය වෙනුවෙන් ධනය වෙනුවෙන් මිනිස් නිදහසට වද දෙන ජියානිලා ද,සකීර් නායික්ලාද ඔවුන්ගේ අනුගාමිකයෝ ද සිටින බව අවබෝධ කර ගත යුතුය.ඔවුන් මරා හෝ තමන්ගේ ආගමික ප්‍රචාරවලට එකඟ නැති මිනිසුන් පාලනය කළ යුතුය යන හැඟීමේ සිටින්නෝය.අන්තවාදීයෝය.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan