කොන්සල් ගාස්තු සංශෝධනයක්…

Date:

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් අංශය මගින් ඉටුකරනු ලබන කොන්සල් කර්තව්‍ය සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා ගැසට් නිවේදනය ද නිකුත් කර ඇති බව වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් අංශය මගින් සහ එහි ප්‍රාදේශීය කාර්යාල මගින් ඉටුකරනු ලබන කොන්සල් කර්තව්‍ය සම්බන්ධයෙන් වන ගාස්තු මෙමගින් සංශෝධනය කර තිබේ.

ඒ අනුව,
◾ විභාග සහතික සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 500 සිට රුපියල් 800 දක්වාත්

◾ විදේශ ජාතිකයෙකුට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන යම් ලේඛනයක් සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 1,500යේ සිට රුපියල් 3,000 දක්වාත් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ඊට අමතරව විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හෝ දූත කාර්යාල මගින් ඉලෙක්ට්‍රොනික ලේඛන සහතික කිරීමේ ගාස්තු ද ලබන වසරේ ජනවාරි මස පළමු වනදා සිට ඉහළ දමා තිබේ.

◾උප්පැන්න සහතිකයක් ලියාපදිංචි කිරීමේ සහ නිකුත් කිරීමේ ගාස්තු, මරණ ලියාපදිංචි කිරීමේ ගාස්තු, විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු මෙන්ම ලේඛනවල නිත්‍යානුකූලභාවය සනාථ කිරීමේ සහතික ගාස්තු ද ඉහළ දමා ඇති බව වාර්තා වේ.

රෂිකා හෙන්නායක
2022.11.22

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...