*
Sunday, October 20, 2024
spot_img

Latest Posts

රටේ ස්වෛරීභාවය බිලි දුන් නම ගිය ණය පැහැර හැරීම!

අද වන විට ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටින ආර්ථික බංකොලොත්වයට රටෙහි විවිධ ක්ෂේත්‍රයන්හි විවිධ කණ්ඩායම් ඍජුව හෝ වක්‍රාකාරව හවුල්කාරිත්වය දරා ඇති බව අරුමයක් නොවේ. මේ අතරින් දශකයට වැඩි කාලයක් මහ බැංකුවේ සේවය කළ නන්දලාල් වීරසිංහ සහ මහින්ද සිරිවර්ධන යන අය මෙම අර්බුදයට ඍජුවම සම්බන්ධ වන්නේ රට කඩාකප්පල් කිරීමේ උත්සාහයට ඔවුන් ඔවුන්ගේම ආකාරයෙන් වගකිව යුතු නිසාය.

ආර්ථික බංකොලොත්බව එහි හිනිපෙත්තටම පැමිණි අවස්ථාවක බලයට පත් වූ මොවුන් දෙදෙනා බදු ගෙවන්නන්ගේ පිහිටෙන් ඔවුන් ගෙවනු ලබන බදු මත යැපෙමින් සැලකිය යුතු කාලයක් මහ බැංකුවේ සේවය කළ අතර මිලියන ගණනකක් ඉක්මවමින් වැටුපක් ලබනුයේ රජයේ ඉහළම වැටුප් ලබන විධායක නිලධාරීන් අතර මුලසුන හොබවමිනි.

ශ්‍රී ලංකාවේ 75 වසරක නිදහස ඩොලරය පාමුල හෑල්ලු කරමින් සහ ණය පැහැර හැරීමෙන් ලංකාව බංකොලොත් රටක් කිරීමට මොවුන් දෙදෙනා ප්‍රධාන වශයෙන් හවුල්කාරිත්වය දැරීය. ඔවුන්ගේ මෙම ක්‍රීඩාවේ ප්‍රතිඵලයක් ලෙස  සියලුම ණය රේඛා එක රැයකින් පාහේ අතුරුදහන් වූවත් මෙම රට බංකොලොත් මානසිකත්වයෙන් මිදීමට වසර ගණනාවක් ගතවනු ඇත.

ඩොලර් මිලියන 64 කට ලාංකිකයන්ගේ නිදහස පාර්ලිමේන්තුවේ එකඟතාවයකින් තොරව වෙනත් අයෙකුට විකිණීම වැනි වගකීම් විරහිත ක්‍රියාවක පංගුකාරයෙක් වීම ම ඔවුන් වැනි ඉහළ නිලධාරීන් විසින් ගත් නොමනා තීරණයක් ලෙස සැලකිය හැකිය. ශිෂ්ට ලෝකයක මෙය සිදු වන්නේ කෙසේද යන්න විශාල ප්‍රශ්නයක් වේ.

පොලී අනුපාත 200%කින් වැඩි කිරීම මොවුන් දෙදෙනාගේ ක්‍රීඩාවේ තවත් එක් අංගයක් විය. මන්ද වසරකට පෙර දළ වශයෙන් 8% හා සසඳන විට දැන් පොලී අනුපාතය  32% දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඉල්ලුම පහත වැටෙමින් පවතී. එසේ සිදු වනුයේ අඩු ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයකට ඕනෑම දෙයක් මිලදී ගැනීමට හැකියාවක් ඇතත් බහුතරයකට නොහැකි වීම නිසාය.

විශ්ලේෂකයන් අනාවරණය කරන පරිදි මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වනවා මිසක් පහළ වැටීමක් සිදු වන්නේ නැත. මක්නිසාද යත් ඔවුන් පවසන්නේ වර්තමාන ආර්ථික නායකත්වය යටතේ 2023 වන විට මෙම වසරට සාපේක්ෂකව දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වන බවයි. මෙසේ මහ බැංකුව දරුණු කඩාවැටීමකට පත්ව ඇති අවස්ථාවක භාණ්ඩාගාරය සතුව ආර්ථිකය තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නැත.

ඉහළ නිලධාරීන් ලෙස ඔවුන් වගකීම් විරහිත ලෙස කටයුතු කිරීමේ අනිසි ඵලවිපාක අත් විදීමට සිදුව ඇත්තේ සාමාන්‍ය වැසියාටයි. ඒ අනුව පොලී අනුපාත ඉතා ඉහළ මට්ටමක රඳවා ගනිමින් ව්‍යවසායකයන් දහස් ගණනක් පාහේ ව්‍යාපාරවලින් දොට්ට දමා කර ඇත. මෙසේ ආර්ථික අවපාතයකට රට ඇද වැටෙන්නේ විදේශ විනිමය  හිඟය සහ බලශක්ති පිරිවැය හේතුවෙන් නිර්මාණය වන අධික උද්ධමනය නිසාවෙන් බව මහ බැංකුව තවමත් තේරුම් ගෙන නොතිබීම ආර්ථික ගැන හරි හරිහැටි අවබෝධයක් නොමැති නිලධාරී පැලැන්තියේ ලක්ෂණයකි.

ඒ අනුව මෙයින් ප්‍රධාන වශයෙන්ම බැට කෑමට සිදුව ඇත්තේ බැඳුම්කර හිමියන්ටයි. බැඳුම්කර අනුපාත දැන් උෂ්ණාධික මට්ටමට පැමිණ ඇති බැවින් ඔවුන් ඇඟිලි ගනිමින් සිටිනුයේ පොලී අනුපාතයන්හී කිසියම් අඩු වීමක් සිදුවන තුරුය. නමුත් පසුගියදා සිරිවර්ධනගෙන් අපනයනකරුවන්ට 30% බදු (100% වැඩි කිරීම) ගසනුයේ මන්දැයි ඇසූ විට ඔහු පිළිතුරු දී ඇත්තේ ඔවුන්ගේ ආශ්‍රිතයන් 30%ක් ගෙවීම එයට හේතුව බවයි.

ඉල්ලුම සහ සැපයුම පිළිබඳව හරි හැටි නොතේරෙන ජනාධිපතිවරයකු විසින් නන්දලාල් සහ සිරිවර්ධන පත්කළ දා සිට මේ දක්වා ආර්ථිකය කළමනාකරණය කර ඇති ආකාරය පෙන්නුම් කරන්නේ යථාර්ථය පිළිබඳ අවබෝධයක් නොමැතිකම සහ රටෙහි තත්ත්වය තේරුම් ගෙන නිවැරදි ආර්ථික විධිවිධාන යෙදවීමේදී ඔවුන් සතුව ඇති හැකියාවේ තරමයි. මෙසේ ආයෝජක විශ්වාසය පූර්ණ ලෙස ඝාතනයට ලක් කරන පුද්ගලයන් අතේ ආර්ථිකය රඳවා තැබීම නිවට ක්‍රියාවකි.

මෙයින් පෙනී යනුයේ සිදුවන දේවල් සම්බන්ධයෙන් කිසිඳු අවබෝධයක් නොමැති නන්දලාල් සහ ඔහුගේ අනුගාමික සිරිවර්ධන යනු වාසි තකා තම රට විනාශයට ඇද දමන, විපක්ෂයේ දේශපාලනඥයන් කිහිප දෙනෙකු ඇතුළු නන්දලාල් වැනි අයවරුන්ට මුක්කු ගසන සමහර බටහිර තානාපතිවරුන්ගේ අල්ලේ නැටවෙන රූකඩයන් බව ය. මොවුන්ගේ මූලිකත්වය තවදුරටත් ආර්ථිකය රජ කෙරුවහොත් රට පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් තබා ගැනිම නිශ්ඵල කාරණාවකි.

ආර්ථික විශේෂඥයන් පෙන්වා දුන් පරිදි කඩිමුඩියේ පොලී අනුපාත අඩු කළත් මේ වන විට ආර්ථිකය ඉතා දරුණු ලෙස කඩා වැටී ඇත. එහෙයින් අත්දැකීම් අඩු නිලධාරීන් සහ බාගෙට පිළිස්සුණු දේශපාලනඥයන් විසින් ප්‍රචාරය කරන ලද අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා ඇති වූ ගැඹුරු තුවාල සුව කිරීමට වසර ගනණාවක්  ගතවනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan