රට පුරා වැටලීම් මඟින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් හමුවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් කළ වැටලීමකින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇත.

කොළඹ භාණ්ඩ නිෂ්කාසන ආයතනයක් හරහා එවන ලද පාර්සලයක තිබී කොකේන් ග්‍රෑම් 511ක් හා මරිජුවානා කිලෝ 5යි ග්‍රෑම් 161ක් රේගු භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

අමෙරිකාවේ සිට ගුවන් මගින් මෙම පාර්සලය ලැබී තිබුණේ කොළඹ පිහිටි ආයතනයක් වෙත වන අතර, එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 66,940,000ක් බව රේගු මධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ කාන්තාවකගේ නමට පැමිණි එම භාණ්ඩ තොගය ඇයගේ ලිඛිත අවසරය මත භාරගැනීමට පැමිණි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් රේගුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා රේගුවට කරන ලද ප්‍රකාශයකට අනුව, අදාළ භාණ්ඩ ලැබුණු ආයතනයට අනියුක්තව සේවය කරන සහකාර රේගු අධිකාරීවරයෙකු ද විමර්ශනය සඳහා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

භාණ්ඩ හා සැකකරුවන් වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතය.

තවද, රුපියල් කෝටි 27ක් වටිනා හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පාකිස්තානයේ ලාහෝර් නුවර සිට තුවා ලෙස ඉතා සූක්ෂම ආකාරයෙන් පාර්සල් 08ක් ලෙස සකස් කර මෙම හෙරොයින් ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුපුන්ගේ රිදමයට පැමිණීම

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: යුපුන් අබේකෝන් සිටියේ යම්...

ජ.වි.පෙ.ට යථාර්ථය සම්මුඛ වීම ….

මාලිමාව බලය සඳහා හෝ වෙන දෙයක් සඳහා හෝ බාහිර...

බංගලාදේශ නායක සන්ටෝ සහ දඟ පන්දු බල ඇණිය වැඩි ගෞරව දිනා ගත් තරගයක්

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ඇමරිකාව ඉරානයට පහරදෙයි !!

ඉරානයේ පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඉතාම සාර්ථකව ප්‍රහාර එල්ල...