විසඳුම් නැති අලි ප්‍රශ්න වලට විසඳුම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දීර්ඝ කාලයක සිට විසඳුමක් නොමැති ලෙස, පො‌ළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වන අලි ගැටලු අවම කරලීම ගතයුතු ක්‍රියාමාර්ග සහ වනජීවී බල ප්‍රදේශ හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වා ඇත.

මෙහිදී, අලි මිනිස් ගැටුම විසඳීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් කටයුතු කළයුතු බවටත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී ‍‍‍අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදුන් දී ඇත.

දීර්ඝ කාලයක සිට වන සංරක්ෂිත ප්‍රදේශ තුළ ගොවිතැන් කටයුතු සිදු කරන, පාරමිපරික කර්මාන්තයන්හි නියැලෙන හා ජීවත්වන පුද්ගලයන්ගේ ගැටලු විසඳීම සඳහා ඔවුන්ගේ ඉඩම් හිමිකම් පිළිබඳ තොරතුරු කඩිනමින් අන්තර් අමාත්‍යංශ අනුකමිටුව වෙත දිස්ත්‍රික් ලේකම් මගින් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසද අමාත‍්‍යවරිය ප්‍රාදේශීය ලේකම්වරුන්ට එහිද‍ි උපදෙස් ද‍ී ඇත.

අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ජනගහනය වැඩිවීමත් , අලි ගහනය වැඩිවීමත් සීමිත භූමියක් ඇති ලංකාව වැනි රටකට බරපතල අභියෝගයක් බව තේරුම් ගෙන කටයුතු කළ යුතු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නියෝජ්‍ය ඇමති වටගල කළ ප්‍රකාශයට වන්දි ඉල්ලා නාමල්ගෙන් රුපියල් බිලියනක එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : තමන්ට අපහාසයක් කළ...

නේපාලයේ විරෝධතාවලින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුගේ අත්දැකීම

නේපාලයේ පවතින විරෝධතා මැද එරට රාජකාරී කරන ශ්‍රී ලාංකික...

ආකාශ්ගේ දඟ කැවීමේ තර්ජණය මැද කොදෙව්වෝ ඉස්සර වෙති…

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 10, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...