සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW): කළුබෝවිල ශික්ෂණ රෝහලේ ක්‍රිඩා වෛද්‍ය ඒකකයට ඇති පහසුකම් පිළිබඳව මේ ඡායාරූප ඔස්සේ ඔබට සිතා ගන්නට අපහසු නැත.කොළඹ ජාතික රෝහලත්,කළුතරට අයත් නාගොඩ පිහිටි රෝහලටත් අතරමැදිව ඇති ක්‍රීඩා වෛද්‍ය ඒකකය කළුබෝවිල වන නිසා කොළඹට ආසන්න තදාසන්න ප්‍රදේශ මොරටුව දක්වාත්,පන්නිපිටිය,මහරගම,කොට්ටාව කොට්ටාව,හෝමාගම,පිළියන්දල,කැස්බෑව ආදි ප්‍රදේශවල සිටම ක්‍රීඩාවන් හී නිරත පිරිස් මෙම වෛද්‍ය ඒකකයේ පිහිට පතාගෙන පැමිණිම සාමාන්‍ය තත්ත්වයකි.
මේ ප්‍රදේශයන්හී නම කියවෙන විටම ඒ ආශ්‍රිතව ඇති පාසල්වලින් කොපමණ පිරිසක් ජාතික තලයෙන් ක්‍රීඩාවල නිරතවන බවත්,එවැනිම ජාතික මට්ටමේ සිටින සූර සූරියන් කොපමණ පිරිසක් මේ ප්‍රදේශවල සිට සිය ක්‍රීඩා වෛද්‍ය කටයුතුවලට මේ රෝහල භාවිතා කරනු ඇද්ද යන්නත් සිතා ගැනීම අපහසු නැත.මෙතරම් පුළුල් ප්‍රදේශයක ක්‍රීඩාවේ නියුතු පිරිස වෙනුවෙන් සිය සෞඛ්‍යමය තත්ත්වය ක්‍රීඩාවට සුදුසු මට්ටමක ඇත්දැයි පරික්ෂා කර ගැනීමට මෙන්ම එම තත්ත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට ද පිහිටා තිබෙන කළුබෝවිල ශික්ෂන රෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයට අඩු පාඩු රැසක් ඇතත්,එහි ඇති විශාලම අඩුව ඉඩ පහසුකම් මදිවීම බව එහි පැමිණෙන හැම දෙනාගේම මතය වේ.
එහි සේවයේ නියුතු වෛද්‍යවරයෙක්ගෙන් ද අප මේ ගැන විමසීමක් කළ අතර ඔහු ද රොගීන් පරික්ෂාවට හෝ ප්‍රමාණාත්මක ඉඩ පහසුකම් නොමැති බව පිළිගත්තේය.ඔහු පැවසුවේ මෙම තත්ත්වයට පිළියම් යෙදීම සම්බන්ධයෙන් වත්මන් අධ්‍යක්ෂ වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය ද දක්වන්නේ විශාල උනන්දුවක් බවත්,නමුත් එම අඩුපාඩු සකසා ගැනීමට තවමත් අධ්‍යක්ෂතුමියට ද අවශ්‍යය පසුබිම සකසා ගන්නට නොහැකි වි ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
සාමාන්‍යයෙන් ආබාධයකට ලක් වූ කෙනෙක්ට වුවත්,නැතිනම් වෙනත් ශක්‍යතාවයක් සිරුරේ වර්ධනය කිරීමට අවශ්‍යය කෙනෙකුට වුවත් ඇතැම් අවස්ථාවන් හී උපකරණ යොදාගෙන ව්‍යායාම ආදිය කිරිමේ උපදෙස් ලබා දිය යතු බවත් පෙන් වූ එම වෛද්‍යවරයා එවැනි පහසුකම් ද ක්‍රීඩා වෛද්‍ය ඒකකයට අවශ්‍යය නමුත් මේ වන විට ඒ දේවල් නොව අඩුම තරමින් පරික්ෂා කිරීම සඳහා ඇති තදබදය ඉවත් කර දීම හෝ කරන්නේනම් එය විශාල රුකුලක් බව පෙන්වා දුන්නේය.
“ජාතික මට්ටමේ ක්‍රීඩකයො ගොඩක් එන තැනක් මේ.හරියට ඉන්න හිටින්න තැනක්වත් මෙහි නැහැ.රටක් ක්‍රිඩාවෙන් ජයග්‍රහණ බලාපොරොත්තු වෙන්නෙ මේ විදිහට කරලා තමයි. වෛද්‍ය ඒකකයෙන් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වීම සදහා අවශ්‍යය සෞඛය තත්ත්වය සම්බන්ධයෙන් වන වාර්තාවක් ගන්නට පැමිණි අයෙක්ගේ අදහස එබඳු විය.වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය කෙතරම් වෙහෙසකර සහ සුහදශීලී සේවයක් සපයන්නට උත්සාහ කළ ද,එහි යන අයෙකුට රටේ ක්‍රීඩාව ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ඇතිවන කළකිරීමේ සාධක හිඟ නැතුව විඳ ගන්නට අවස්ථාව ඇත.
ක්‍රීඩාව කරගෙන යාම සම්බන්ධයෙන් උත්තේජනයක් ඇති කරන මට්ටමේ පෙළඹීමක් වෙනුවට කළකිරීමක් ඇති කරන සුළු පහසුකම්වලින් පිරි මෙවන් වෛද්‍ය ඒකක ගැන ක්‍රිඩා අමාත්‍යංශයද මැදිහත්ව සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව පෝෂණය කිරිම වැදගත් කාර්යයකි.අඩුම තරමේ සියලු ක්‍රීඩාවන් හී නිරත ක්‍රීඩකයාගේ නිරෝගීභාවය සම්බන්ධයෙන් පදනම වැටෙන ක්‍රීඩා වෛද්‍ය ඒකක ගැන අයවැයේදී හෝ අදහසක් ඉදිරිපත් වී නොමැත.එහි ඇත්තේ ද ක්‍රිකට් ක්‍රීඩාව පාසල් මට්ටමෙන් නඟා සිටුවීම සඳහා රජයේ මැදිහත්වීමය.මේ වන විට පාර්ලිමේන්තුවම ජාත්‍යන්තර වශයෙන් තහනම් කර ගනිමින් මහා ධනස්කන්ධයක් ඇති ක්‍රිකට් මත්තේම හැප්පෙමින් කාලය කා දමමින් රටේ අනෙකුත් ප්‍රශ්න මෙන්ම අනෙකුත් ක්‍රීඩාවන් ද නොතකා හැර ඇත.

රටක ක්‍රීඩාව පෝෂණය කරන්නට අවශ්‍යය ප්‍රධානම සාධකය වන්නේ ක්‍රීඩකයාගේ සෞඛ්‍ය වන අතර ඒ සමිබන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දක්වන උනන්දුව මෙන්ම ක්‍රීඩාව තරන ආයතනය තමන් පරිපාලනය කරන ක්‍රීඩාව පෝෂණය කරන්නට අවශ්‍යය මානස සම්පත්වල නිරෝගීතාවය ආරක්ෂා කර ගැනීමට ඇති වෛද්‍ය ඒකක සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව වැඩ පිළිවෙලක් ඇති කර ගැනීම ගැන සිතන ආකාරයද තේරුම් ගැනීමට කළුබෝවිල ක්‍රිඩා වෛද්‍ය ඒකකයේ ස්වරූපය පැහැදිළි කර දෙනු ඇත.

