ලෝක කුසලාන පරාජයට වගකිව යුත්තේ ඇමතියි ලෙජන්ඩ් කෙනෙකුයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් අයිසීසීය විසින් තහනම් කර තිබෙනාකාරය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව පරාජයවීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ක්‍රීඩා ඇමතිවරයා සහ ලෙජන්ඩ් කෙනෙකු බවය.

ඕස්ට්‍රේලියාවේ ට්රෙවිස් හෙඩ් මෙන්ම නවසීලන්තයේ කේන් විලියම්සන් ද,අබාධ සමඟ තරගාවලියට සහභාගි වූ බවත්,ඔවුන් මුල් තරගවලින් පසුව කණ්ඩායමට එක් වූ බවත් ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා පෙන්වා දුන්නේය.එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින හොඳම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග සහ වේග පන්දු යවන්නාවන දුෂ්මන්ත චමීර සංචාරයට නමි කළ අවස්ථාවේදී ඇමතිවරයා සහ ඉහත කී ලෙජන්ඩ් විසින් ඉවත් කළ බවත්,පරාජයට විශාලම හේතුව එය බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

අයිසීසී තහනම ඔවුන් සංවිධානය කරන ඉසව් මෙරට පැවත්වීම දක්වා සීමා වී ඇති බවත්,අතුරු කමිටු පත් කිරීම නැවත් වූ සැනින් එම තහනමද ඉවත්වනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගේ අදහස විය.උදා වී ඇති තත්ත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සේවක වැටුප් ගෙවීමේ සිට මේ දක්වා ක්‍රිකට් වෙනුවෙන් කළ වැයකිරීම් කරගෙන යාමට ප්‍රශ්නයක් පැන නොනඟින බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එම මාධ්‍ය හමුවේ සම්පූර්ණ වීඩියෝව මේ සමඟ ඉදිරිපත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...

මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ...