හිම කන්දෙන් එහා ශීතල අඳුරු ප්‍රංශයේ කතාව!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මේ වන විට ශීත සෘතුවත් සමඟ ප්‍රංශයේ හිම පතනය වීම ආරම්භ වී තිබෙන අතර, ඒ හේතුවෙන් ප්‍රංශයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ රැසකට තැඹිලි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන ශීත සෘතුව සැලකෙන්නේ වසරේ ශීතලම සහ අඳුරුතම සමය ලෙසයි. එමෙන්ම, මේ වන විටත් ලොව උතුරු අර්ධගෝලයේ රටවල් රැසක හිම පතනය ආරම්භ වී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රංශයෙන් ද මේ වනවිට වාර්තා වන්නේ හිම පතනය සහිත අධික ශීත කාලගුණයක් වේ. හිම පතනය හේතුවෙන් ප්‍රංශයේ වීථි සහ පදික  වේදිකා හිමෙන් වැසී ගොස් තිබෙන අතර, එයින් පැරිස් අගනුවර ඇතුළු නගර රැසක ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

තවද, ශීතාධික කාලගුණය හමුවේ බටහිර දිග ප්‍රංශයේ නිවාස ලක්ෂය ඉක්මවූ ප්‍රමාණයකට විදුලි ඇණහීටීමටක ද මුහුණදීමට සිදුව තිබෙන බවත්,විදුලි සැපයීම යථාවත් කිරීමට සේවකයින් දහසක් පමණ යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම, ප්‍රංශ කාලගුණ අංශ පුරෝකතනය කරන්නේ හිම පතනය ඉදිරියේ දී තවත් තීව්‍ර විය හැකි බවයි. කෙසේ වෙතත්, ඒ අනුව දැනටමත් උතුරු බ්‍රිට්නි සහ නෝමැන්ඩි ප්‍රදේශවලට මෙන්ම ප්‍රංශයේ දකුණු සහ නැගෙනහිර පෙදෙස්වලට තැඹිලි අනතුරු අඟවීම් නිකුත් කර තිබෙන බව වාර්තාවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...